තමන් සහ තම බිරිඳ වන නිරුපමා රාජපක්ෂ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ.
ලොව පුරා දැන් කවුරුත් දන්න යොහානිව බලන්න ආ තවත් ජනප්‍රිය තරුවක් ගැනයි මේ කතාව.. JACQUELINE FERNANDZ කියන්නේ ඉතා සුරූපී නිළියක්..ඇයද මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණය කල ගීතයෙන් වඩාත් ජනප්‍රියතාවයට පත් වූ යොහානි ද සිල්වා බැලීමට ගොස් තිබෙනවා. එහිදී යොහානි සමග ගත් ජායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
පැන්ඩෝරා පත්‍රිකා සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුලත වාර්තාවක් ලබා දෙන්නැයි , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.
අයිසීසී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය කියන්නේ අපි කවුරුත් ඉතා උද්යෝගයෙන් යුතුව නරඹන තරගාවලියක්.. මෙම තරගාවලිය පැවැත්වෙන තුරු ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නා වූ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මෙවරද ඉතා ඕනෑකමින් මෙම තරගවලිය ආරම්භ දෙස බලා සිටියි. මෙවර අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය නිල විකාශන අනුග්‍රහය සියත අප නාලිකාවට හිමි ව තිබෙන අතර උද්යෝගිමත් ක්‍රීඩා ලෝලී […]
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..
ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ‘EVER ACE’ නෞකාව කොළඹ වරයට පිවිසි ප්‍රථම ගමනද මෙය වෙනවා. මෙම විශාල බහලුම් නෞකාවට ගමන් කල හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණකි.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බවයි පැවසෙන්නේ. හෙට පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් තිබෙනවා.