නිල සංචාරයක් සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරන ගුවන් යානයෙන්.
කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති සදහන් කරනවා. මේ අනුව රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවට වාර්තා වෙන අතර කෙසේ වෙතත් තලෙබාන්වරු මිට පෙර පවසා තිබුනේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.
වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන එනු ලැබුවා. ඒ අනුව මාත්‍රා 73,000ක් අද මෙරටට ගෙන එනු ලැබුවා. ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි.
යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන,
බිනර පුන් පොහො දිනය අදයි. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පුන් පොහෝ දිනයේ යෙදී තිබෙන අතර භික්ෂූණි ශාසනය ආරම්භවීම, එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ අද වැනි දිනකය. වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙම පොහොය සැලකේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]
කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණ තිබෙනවා. ගගනගාමීන් නොවන පිරිසක් දීර්ඝතම අභ්‍යවකාශ ගමනක් සදහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වී අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව පැවසෙනවා. මෙම යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බිලියනපතියෙකු වූ ජෙරඩ් අයිසෙක්මෙන්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර අවුරුදු 23 ත් 57 ත් අතර වයස් අතර පසුවූවන් සිටින බවයි පැවසෙන්නේ.