සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරගය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මේ තරගයත් සියත TV ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සජීවීව නැරඹීමට අවස්ථව උදා වෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සැප්තැම්බර් 21 දක්වා තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල , බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත , කළුවාමෝදර, මොරගල්ල ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ලොව පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෑම රටකම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීම සදහා එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවෙන් මු නමැති නව වෛරසයක් ව්‍යප්ත වෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ මාරාන්තික වෛරසය දැනට ඇති එන්නත් වලට පවා බලපෑමක් ඇති කරනවාද නැද්ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ සිදු […]
ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 කට අධික මත්ද්‍රවය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරු මොහු බවට පොලිසිය සැක පළ කරනවා.
රුපියල් කෝටි 02ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී STF අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 666 ක් සිය භාරයට ගෙන තිබෙනවා.
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 67, 979 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,