චුලක්ෂි රණතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. චුලක්ෂි සරාගී විලාසිතා තුළින් දකින නිසා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක් වෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඇය මේ විදියට සැරසී සිටියේ සාරි විලාසිතාවකින්.
රංගන ශිල්පිනී මේනකා පීරිස් කියන්නේ ඔබ හොඳින් හඳුනන කෙනෙක්. රංගනයට වගේම නර්තනයටත් නිවේදනයටත් උපන් හපන්කම් ඇති ඇය ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්න සමත් වුණා. දිගු කාලයක නිහැඩියාවකින් පස්සේ ආයෙත් ඇය කලා කටයුතු එක්ක එකතු වෙලා. ඇය පසුගිය දවසක ලස්සන උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා. ඡායාරූප පහතින්,
තාරුකා වන්නිආරච්චි කියන්නේ අපි කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය ඇගේ විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා සිටියත් කලා කටයුතුවලට ඇයට හැකි සෑම අවස්ථාවකම දායක වෙනවා. තාරුකාගේ ලස්සන නම් තවම අඩුවක් නම් නෑ. පසුගිය දා ඇය තායිලන්තයේ සංචාරයක නිරත වී සිටියා එහිදී වෙනස් විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ […]
මෑතක සිට නිරන්තරයෙන් කතාබහට ලක් වෙන ජනප්‍රිය කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. මේ දිනවල තිරගත වෙන සිංහබාහු සිනමාවේ සුප්පා දේවියට රංගනයෙන් දායක වෙන්නේ ඇයයි. සුරූපී අභිලාෂි ඇය කරන විලාසිතා නිසා ඇයට සෑම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා. සාරියට ඇය කොච්චර ලස්සනද බලන්නකෝ.
නෙත්මි රොෂෙල් කියන්නේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇය නිතර නිතර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර විලාසිතාවලටත් ඇය වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. නෙත්මි පසුගිය දවසක රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ යළිත් මනාළියක් විදිහට සැරසිලා ඡායාරූප පෙළකට මුහුණ දී තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
මිශෙල් දිල්හාරා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අද වෙනකොට කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු කරනවා. නිවේදනයටත් එක ලෙස දක්ෂ ඇය ගීත ගායනයටත් දක්ෂ කෙනෙක්. මිශෙල් සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න.
ශලනි තාරකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට කතා මවන චරිතයක් වන ඇය විවිධාකාරයේ විලාසිතා තුළින් දකින්න පුළුවන්. පසුගිය දවසක ශලනි උඩරට මනාලියක් ලෙස සැරසී සුන්දර සේයාරූ කිහිපයක් ගෙන තිබුණා. ඡායාරූප පහතින්,
සුජානි මේනකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී තිබුණා එහි දී ඇය ගොඩක් විනෝද වෙලා. එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා ගන්න ඇයත් සමඟ එකතුවන රසිකයින්ට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ එක්කරන්නටත් ඇය අමතක කරලා නැහැ. එම ඡායාරූප පහතින් බලන්න.
කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුන්දර නවක පරම්පරාවේ සිටින රංගන ශිල්පිනියක් ලෙස ඩිලූෂි හංසිකා හඳුන්වන්න පුළුවන්. පසුගිය දා ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ආදර කතාව ඇය ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. උදාරි මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූප මඟින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි. ඇය පසුගිය දා උපන්දින සාදයකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප […]
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.