News Line| Off Air
Generic placeholder image

Aug
18

අද මේ දක්වා ආසාදිතයින් 2,428ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
18

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

Generic placeholder image

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි.  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,


Aug
18

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


Aug
18

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින් සදහා එන්නත්කරණයටයි.


Aug
18

රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ යෙදවීමට පියවර

Generic placeholder image

රාජ්‍ය ආයතන වලට සේවකයින් ප්‍රවාහනයට කිරීම සදහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා. ඒ ආයතන ප්‍රධානීන්ගෙ ඉල්ලීම පරිදි.


Aug
18

කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Aug
18

රිෂාඩ් සැප්තැම්බර් මස 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ව සැප්තැම්බර් මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.


Aug
18

තණමල්විල – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්

Generic placeholder image

තණමල්විල – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල, ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 56 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබෙනවා. කැබ් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී කැබ් රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. මියගිය කාන්තාව කැබ් රථය පැදවූ රියදුරුගේ මව වන බවයි වැඩි […]


Aug
18

යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණය අද සිදු කෙරෙන ස්ථාන මෙන්න

Generic placeholder image

යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණය අද සිදු කෙරෙන ස්ථාන පහත පරිදි වේ.


Aug
18

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

Generic placeholder image

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ […]


Aug
18

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා දැමේ

Generic placeholder image

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට එම නගර වල වෙළෙඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක් වසා තැබීමට නියමිතව තිබෙනවා.


Aug
18

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු පළාතේ අහස වලාකුළින් බරව පවතී. මධ්‍යම කඳුකරයේ […]


News Articles
Latest Videos
Most Popular Post