News Line| Off Air
Generic placeholder image

Aug
20

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Generic placeholder image

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසයට සෞඛ්‍ය සේවකයින් ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුවීම හේතුවෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඒ පිලිබදව සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.


Aug
20

වැසි තත්වයේ වැඩි වීමක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත්මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් […]


Aug
19

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ලක් සතොසෙන් හෙට සිට

Generic placeholder image

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ලක් රුපියල් 1998 මුදලකට සතොස හරහා online oder කිරීම මගින් ගෙන්වා ගැනීමට අවස්ථාව හිමි වන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. 1998 අංකය ඇමතීම මගින්ද මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ල සතොස හරහා නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
19

යොහානි ඒක මරු.ඔයා එන්න මාත් එක්ක මෙ ෂෝ එක කරන්න

Generic placeholder image

ලෝකයට අපේ සිංහල, ශ්‍රී ලාංකීය ගීතයක් ගෙන ගිය යොහානි ද සිල්වා ගැන අපි විශේෂයෙන්ම කතා කල යුතුයි… ලෝකය පුරා ඇය ගැන ඇයගේ දක්ෂතාවය ගැන කතා වීම ශ්‍රී ලාංකිකයින් වන අපටත් ආඩම්බරයක්.. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්…ඉතින් යොහනි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසග වී හමාරය… අපේ රටේ භාෂාව, සංගීතය දක්ෂතා පිරුණු ගායන ශිල්පින් ගැන […]


Aug
19

සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


Aug
19

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
19

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් – 19 ආසාදිතයින් සැලකිලිමත් විය යුතු කරුණු

Generic placeholder image

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් – 19 ආසාදිතයින් සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසුබවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව,වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.⦾ උපරිමයෙන් විවේක […]


Aug
19

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවා තිබෙන බවයි පැවසෙන්නේ.


Aug
19

පාන් මිල ඉහළට

Generic placeholder image

ලබන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.


Aug
19

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක්

Generic placeholder image

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා දැමීමට කටයුතු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Aug
19

යුධ හමුදාව විසින් අද සිදු කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් අද සිදු කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක ස්ථාන පහත පරිදි වේ .


Aug
19

කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණයට නව ක්‍රමවේදයක්

Generic placeholder image

කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණයට ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදුන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post