තවත් දිස්ත්‍රික්ක දෙකක නගර කිහිපයක සියලු වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුල ද කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ලබන 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කිලිනොච්චි නගරය වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය සදහන් කරනවා. අනුරාධපුර නගරයේ ද වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මෙරටින් තවත් කොරෝනා මරණ 170ක් වාර්තා වී තිබෙනවා. පෙරේදා (17) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 84 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 86 දෙනා කාන්තාවන් වනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් […]
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,
සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින් සදහා එන්නත්කරණයටයි.
රාජ්‍ය ආයතන වලට සේවකයින් ප්‍රවාහනයට කිරීම සදහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා. ඒ ආයතන ප්‍රධානීන්ගෙ ඉල්ලීම පරිදි.
මෙරට ක්‍රියත්මක වන කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ව සැප්තැම්බර් මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
තණමල්විල – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල, ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 56 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබෙනවා. කැබ් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී කැබ් රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. මියගිය කාන්තාව කැබ් රථය පැදවූ රියදුරුගේ මව වන බවයි වැඩි […]
යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණය අද සිදු කෙරෙන ස්ථාන පහත පරිදි වේ.