අද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,663ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අක්බර්ගෙයි – බිර්බල්ගේ කතාවක් ගැන ඊයේ අපිට අසන්නට ලැබුණ සිද්ධියක් තියෙනවා… මේ ඒ ගැනයි..
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 314 ,340ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් අද නියෝග කර තිබෙනවා. මාස 06 කට පසු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් නව ආසාදිතයෙක් වාර්තා වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.
වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව හෙට උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වත්තල, හැඳල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියා තුඩුව පාර, දළුපිටිය හා අක්බාර් පාලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල […]
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල අතර ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතින් තුන හදුනා ගෙන ඇති බවයි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
තවත් නගරයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබෙනවා. අද දින සිට දින 06ක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමනු ඇති.
කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දළ සටහනක් පහතින්,
යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත් ලබාදෙන ස්ථාන පහත පරිදි වේ.
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් ව ගොස් තිබෙනවා. මෙම නෞකාව හෙට පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.