යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත් ලබාදෙන ස්ථාන පහත පරිදි වේ.
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් ව ගොස් තිබෙනවා. මෙම නෞකාව හෙට පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.
නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0 ක භූ චලනයක් ඇති බව භූ විද්‍යා කාර්යංශය සදහන් කරනවා. ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් මෙම භූ චලනය සිදුව ඇති අතර එයින් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි එම කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.
මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මියගිය පිරිස අතරින් 103 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 64 දෙනා කාන්තාවන් වේ.
මෙම සතිය සඳහා අද දිනයේ දී පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර කොවිඩ් පනත අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල, මාතර, මහනුවරසහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර,මඩකලපුව, වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු ,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…
මැලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්.
රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 වැනි දින දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර වාහන ආදායම් බලපත්‍ර ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට www.motortraffic.wp.gov.lk පිවිසෙන්න.