දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර තිබෙනවා.
යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ, දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම […]
රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කල බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.
යාපනය, කල්උන්නාඩි ප්‍රදේශයේ ලංගම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. බස් රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වසරකට පසු එම නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීම හේතුවෙන්.
කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබදව ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව අදාල හෙදිය විසින් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයකදී කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.
ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් ඉහල ගොස් තිබෙන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743කි.
ගර්භනී මව්රුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 24 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය අංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වේ.
තවත් කොවිඩ් මරණ 124ක් පෙරේදා (10) දින තහවුරු කර ඇති අතර එම මරණ 124ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
බස්නාහිර පළාත තුළ මේ දක්වා එන්නත් ලබාගෙන නොමැති වයස්ගත පුද්ගලයින්ට හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ට එන්නත් ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සදහන් කරනවා. යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ වැඩ සටහන සදහා යෙදවීමට පියවර ගෙන තිබෙන අතර 011 -2 860 002 හෝ 1906 […]
නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයකට ලක්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සිඩ්නි නගරයේ රෝහලක සැත්කමකට භාජනය කර ඇති බවයි පැවසෙන්නේ.