ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) දින තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහිදී ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු […]
දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
එංගලන්තය – පාකිස්ථානය එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය එංගලන්තය ජය ගෙන තිබෙනවා. ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජය ගැනීමත් සමගය. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් බිඳවැටී ලකුණු 331ක් රැස්කලා. පිළිතුරු […]
ක්‍රීඩා සංගම් හා සම්මේලන 5 ක ලියාපදිංචිය අත්හිටුවා තාවකාලිකව එහි පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනුෂ පැල්පිට මහතා අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් පත් කර තිබෙනවා.
මෙරට තුල මේ වන විට ක්‍රියාත්මක කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සටහනක් පහතින්,
ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති පවසන්නේ.
අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදෙකලාබව ඉවත් කර තිබෙනවා. අදාල ප්‍රදේශ පහතින්,
ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කටුනායක DHL කුරියර් ආයතනයය හරහා රට තුලට ගෙන ඒමට උත්සාහ කරන ලද පාර්සල් තුනක් (03) නවතා පරික්ෂා කරන ලදී. මෙහි පාර්සල් දෙකක් ඉතාලියද, අනෙක් පාර්සලය ඉන්දියාවද යන රටවලින් දෙමටගොඩ, කොටහේන හා කොළඹ 07 යන ව්‍යාජ ලිපින වලට එවා තිබිණි. පාර්සල් දෙකක් […]