අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.. ඉන් අනතුරුව ඒ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
මෙරට තුල ක්‍රියාත්මක වන කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව විස්තර පහතින්,
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවට යොමුකර තිබෙනවා. ඒ, අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතන පනතේ 03 වන වගන්තිය […]
සහරාන් හෂීම් ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු පුද්ගලයෙක් TID අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු වයස අවුරුදු 24ක් වු නාරම්මල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නැමැත්තෙක් වන අතර ඔහු විසින් 2018 හා 2019 වසරවල දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් විසින් පැවැත් වු අන්තවාදී පන්තිවලට සහභාගී වීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදීම සිදු කර ඇති බවයි වාර්තා වෙනවා.
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ […]
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ මේ මස තෙවන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත නිසාවෙන්. මේ අතර මේ පිලිබදව සදහන් කරමින් වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ට්විටර් ගිණුමේ සටහනක් […]
ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් 09 සහ 10 දිනවල) දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ සහ දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. […]
තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,351ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,111ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මතයි.
සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා අද උදෑසන පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණුඅතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා. සෞඛ්‍ය නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා.