අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින්, රත්නපුර දිස්ත්‍රික්කය කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටස ගම්පහ දිස්ත්‍රික්කය වත්තල පොලිස් බලප්‍රදේශයේ,හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්රාමයහැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය කොළඹ දිස්ත්‍රික්කය නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ,ඔබේසේකරපුර 514 C නුවරඑළිය දිස්ත්‍රික්කය බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ,කොටියාගල වත්ත […]
කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා ව්‍යප්ත වෙමින් ලෝකයම මහත් පීඩාවකට ලක් කරමින් තිබෙනවා. හැම රටක්ම පාහේ මේ වෛරසයෙන් මිදීමට නැතිනම් මර්දනය කිරීමට බොහෝ වෙහෙසෙනවා. නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා.. ඒ අතර සිංගප්පුරුව ද මෙයින් මිදීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.. එය සෙසු රටවල් වලට සාපේක්ෂව වෙනස් ක්‍රියාවලියක්.. අද මේ ගැනයි කතාව..
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ දකුණු මගින් සිදුවන […]
මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් වල ව්‍යප්ත වෙමින් පවතින අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මේ වනවිට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබද ව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ ඉකුත් දින කිහිපය තුළ පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය […]
චීන ජනපති ෂී ජින්පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ විදෙස් බලවතුන් සිදු කරන අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට කිසිසේත් සූදානම් නොමැති බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 5.30ටයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.
මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
යල කන්නයේ වී මිල දී ගැනීම අද ආරම්භ වෙනවා. වී අලෙවි මණ්ඩලය සදහන් කරන්නේ ඒ සඳහා දිස්ත්‍රික්ක 19 ක ගබඩා සූදානම් කර තිබෙන බවත් මේ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි පැවසෙන්නේ.
මෙරට එන්නත්කරණ වැඩ සටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ (30) දිනයේ දී ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995 ක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඉන් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර මාත්‍රා 79,236ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී (ජූලි 01) බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත් […]