ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන තිබෙන අතර එයින් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000 ක් මෙරටට මෙලෙස හිමිව තිබෙනවා. අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට මෙම එන්නත ලැබුණු පළමු අවස්ථා ලෙසද මෙය සැලකෙයි.
අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒමෙරට වේලාවෙන් පස්වරු 3.30ට යි. පළමු එක්දින තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයගත් අතර තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් එංගලන්තය හිමිකර ගෙන තිබෙනවා.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන්.
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
පුත්තලම, මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරනු ලැබුවද තවමත් ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191ක්.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අපි හුගක් වේලාවට කරන්න පුරුදු වෙලා ඉන්නේ කවුරුහරි කලින් කරපු දෙයක්.. ලෝකය වෙනස් කරන්න ඕන කියල හැමෝම හිතනවා , හැමෝම ඒ ගැන කතා කරනවා. එත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තව කවුරුහරි කරපු දෙයක් කරන්නයි.. මේ සමාජය හැදෙන්න ඕන හදන්න ඕන කවුද මේවට වගකියන්නේ ඕන කියන දේවල් වචනයෙන් අපි කිවුවට ඇත්තම අපි මේ වෙනුවෙන් මොනාද කරලා […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස්තිබෙනවා.
ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.