News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ දකුණු මගින් සිදුවන […]


Jul
1

සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවයි

Generic placeholder image

මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් වල ව්‍යප්ත වෙමින් පවතින අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මේ වනවිට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


Jul
1

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Generic placeholder image

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබද ව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ ඉකුත් දින කිහිපය තුළ පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය […]


Jul
1

චීන ජනපතිගෙන් විදෙස් බලවතුන් ට අනතුරු ඇගවීමක්

Generic placeholder image

චීන ජනපති ෂී ජින්පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ විදෙස් බලවතුන් සිදු කරන අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට කිසිසේත් සූදානම් නොමැති බවයි.


Jul
1

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 5.30ටයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.


Jul
1

වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට

Generic placeholder image

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Jul
1

යල කන්නයේ වී මිල දී ගැනීම අද

Generic placeholder image

යල කන්නයේ වී මිල දී ගැනීම අද ආරම්භ වෙනවා. වී අලෙවි මණ්ඩලය සදහන් කරන්නේ ඒ සඳහා දිස්ත්‍රික්ක 19 ක ගබඩා සූදානම් කර තිබෙන බවත් මේ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි පැවසෙන්නේ.


Jul
1

දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ දිනයේ ලබාදෙයි

Generic placeholder image

මෙරට එන්නත්කරණ වැඩ සටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ (30) දිනයේ දී ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995 ක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඉන් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර මාත්‍රා 79,236ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.


Jul
1

වැසි තත්වයේ තරමක වැඩි වීමක්

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී (ජූලි 01) බලාපොරොත්තු විය හැක. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත් […]


Jul
1

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක්

Generic placeholder image

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ජනමාධ්‍යවේදීන් සදහා ක්‍රියාත්මක කරන ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය අයදුම්පත් භාරගැනීම 2021 ජූලි මස 20 වන දින දක්වා දීර්ඝ කෙරේ. ජනමාධ්‍යවේදීන් සදහා කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට ආරම්භ කර ඇත. අදාල අයදුම්පත සහ වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) ලබාගත […]


Jul
1

හෙද – හෙදියන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

Generic placeholder image

හෙද වෘත්තීය සමිති තුනක් සේවාවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දැමීමේ පැය 48 ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 09 ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ […]


Jul
1

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දිගු කෙරේ

Generic placeholder image

රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ පිලිබදව සදහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post