News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ධාවනය වෙමින් පැවැති ගිලන්රථයකට පහරදීමක්

Generic placeholder image

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන්රථයට හා එහි රියදුරුට පුද්ගලයෙක් විසින් පහරදීමක් සිදු කොට තිබෙනවා. අදාල පහරදුන් පුද්ගලයා 65 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ. අද දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jun
29

තවත් කොරෝනා මරණ 41ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වනවා. අදාල නිවේදනය පහතින් ,


Jun
29

බස්නාහිර සහ වයඹ පළාත් වලට වැසි වාර කිහිපයක්

Generic placeholder image

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Jun
27

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

Generic placeholder image

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට වසා තැබෙන බව වෙළෙඳ සංගමය සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට සහ එහි සේවයේ නිරත පිරිස් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීම නිසාවෙන්.


Jun
27

ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණයට

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණයට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව අද සිට අදාල නිරීක්ෂන කටයුතු සිදු කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳුපුර මහත්මිය සඳහන් කළේ,


Jun
27

අන්තර් පළාත් බස් සේවා සඳහා තවදුරටත් අවසර නෑ

Generic placeholder image

හෙට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් තිබුණද ඒ සදහා මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා. මේ අතර හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Jun
27

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් අනුරාධපුර, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු […]


Jun
26

ජාතික බලශක්ති දිනය අදයි

Generic placeholder image

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව ගොඩනැගෙන හරිත ආර්ථිකයකට අනුගතවූ බලශක්ති උත්පාදනය, සංරක්ෂණය සහ කළමනාකරණය යන අරමුණු පෙරදැරිව, පොසිල ඉන්ධන වලින් තොර තිරසර බලශක්ති ක්ෂේත්‍රයක අවශ්‍යතාව ශාක්සාත් කරගැනීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව එම ක්‍රියාවලියේ කොටස්කරුවන් කරගනිමින්, සෑම වසරකම ජූනි 26 දින ජාතික බලශක්ති දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට, විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය […]


Jun
26

X-Press Pearl නෞකාවෙන් ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක අතුරු වන්දියක්

Generic placeholder image

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙන අතර ඒ අනුව , අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Jun
25

අද මේ දක්වා ආසාදිතයින් 1,239ක්

Generic placeholder image

අද මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
25

මඩකලපුව කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි – එක් අයෙක් මරුට

Generic placeholder image

මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එක අයෙක් අතුරුදන් ව තවත් සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


Jun
25

1,843ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,843 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 214,668ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post