එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා වන කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙසඅද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන […]
මෙරට එන්නත්කරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබෙනවා. ලබන ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්යය බලකා මූලස්ථාන සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පල මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මූලස්ථානය විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකසාගර කුලසේකර මහතා සහ පොලිස් පරීක්ෂකපීරිස් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේද සහයෝගය ඇතිව හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී […]
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින්,
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒචෙස්ටර් – ලී ස්ට්‍රීට් හිදි.. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.
බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල් වලින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළයි.
ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන්රථයට හා එහි රියදුරුට පුද්ගලයෙක් විසින් පහරදීමක් සිදු කොට තිබෙනවා. අදාල පහරදුන් පුද්ගලයා 65 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ. අද දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වනවා. අදාල නිවේදනය පහතින් ,
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට වසා තැබෙන බව වෙළෙඳ සංගමය සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට සහ එහි සේවයේ නිරත පිරිස් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීම නිසාවෙන්.
ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණයට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව අද සිට අදාල නිරීක්ෂන කටයුතු සිදු කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳුපුර මහත්මිය සඳහන් කළේ,