News Line| Off Air
Generic placeholder image

Jun
17

චීනයේ ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශයට

Generic placeholder image

චීනය විසින් පාලනය කෙරෙන ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත චීනයේ ගගනගාමීන් තිදෙනෙක් යැවීමට කටයතු කර තිබෙනවා. ඒ මාස තුනක කාලයක් සදහායි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිත බවයි පැවසෙන්නේ.


Jun
17

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙක් මෙරටින් හමු වෙයි

Generic placeholder image

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරනවා. දෙමටගොඩ, පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඉන් […]


Jun
17

ගම්පහ මහාධිකරණයෙන් ශානි අබේසේකරට ඇප

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කරන ලද ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ දී අද (17) ඇපකරුවන් විසින් සපුරනු ලැබුවා. ශානි අබේසේකර මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත්, සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුව මුදා හරින ලෙසට […]


Jun
17

ඔන්ලයින් හරහා මත්පැන් අලෙවියට අවසර නැහැ

Generic placeholder image

ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණ අතර කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ද සදහන් කළා.


Jun
17

හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්‍අඩංගුවට

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද උදෑසන පෑලියගොඩ දී සහ වනාත මුල්ල යන ප්‍රදේශවල දී හෙරොයින් සන්තකයේ තබා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් […]


Jun
17

උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට එරට නායක කිම් ජොන් උන් ප්‍රකාශ කරයි

Generic placeholder image

මේ වන විට සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් වසරේ එරට මුහුණ දුන් ස්වභාවික ආපදාවන් නිසා කෘෂි වගාවන්ට සිදුවූ හානිය බවත් කොරෝනා වෛසරය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එරට […]


Jun
17

ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2436 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 561ක් , මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 516 දෙනකු හදුනාගෙන තිබෙනවා.


Jun
17

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

Generic placeholder image

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන අතර ඒ පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයක් සටහන් ව තිබෙනවා.


Jun
17

හබරාදූවේ සයිනොෆාම් එන්නත් සොරකමක්

Generic placeholder image

රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් හබරාදූවේ MOH කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා. මේ පිලිබදව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Jun
17

ඊයේ දිනයේත් නිරෝධායන රීති කැඩූ 1,561ක්

Generic placeholder image

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඉන් වැඩිම පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම ගණන 228ක්.


Jun
17

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාරකිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
16

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධානියා CID අත්අඩංගුවට

Generic placeholder image

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post