News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

දරුවන් දෙදෙනාට වස පෙවූ මවත් වස බොයි – දරුවන්ට බරපතලයි

Generic placeholder image

දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ මවක් තම දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කිරීම හේතුවෙන් ඔවුන් රෝහල්ගතකර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර කලක සිට පවතින පවුල් ආරවුල් හේතුවෙන් ඇය මෙලෙස සිය දරුවන්ට වස පොවා ඇය ද වස පානයකර ඇති බවට අනාවරණ වී ඇති බවයි. ඇය ඊයේ සිය අවුරුද්දක් වයසැති පුතු සහ […]


Feb
16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත

Generic placeholder image

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව කතා නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාට එළැඹෙන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී අදාළ එන්නත ලබා දීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර නිලධාරීන්ට ද එම එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ […]


Feb
16

අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුළ නිමා කළ යුතුයි – මංගල සාදවලට සහභාගී වන පිරිස 50 දක්වා අඩු කිරීමටත් තීරණයක්

Generic placeholder image

පැය 24ක් තුළ සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කළ යුතු බවට නව තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එමෙන්ම මංගල උත්සව සහ සෙසු ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගී වන පිරිස 150කට සීමාකර තිබූ බවත් එය යළිත් 50 දක්වා අඩු කිරීමට තීරණයකර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. නීතිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් […]


Feb
16

සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි – තැන් කිහිපයකට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු කාලයේ එලෙස තද වැසි ඇති විය හැකි වනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මධ්‍යම, […]


Feb
15

කළුතර ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවතට

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව එම දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 A වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි. ඊට අදාළ […]


Feb
15

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 400 ඉක්මවා යයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 400 ඉක්මවා ගියා. ඒ, අද තවත් මරණ 6ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව දිවුලන්කඩවල, පල්ලෙතලවින්න, හංවැල්ල, නුගේගොඩ, වත්තල සහ හුන්නස්ගිරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී තිබුණා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් ඇතුළු 6 දෙනෙක් වන අතර ඔවුන් අවුරුදු 48ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති […]


Feb
15

යාපනයේ පාසලක සිසුන්ගේ ඇඳුම් ගලවා පච්ච සෙවූ ගුරුවරුන් පිරිසකට එරෙහිව පැමිණිලි

Generic placeholder image

යාපනය වලිකාමම් හි පාසලක 11 ශ්‍රේණියේ පිරිමි ළමුන් කිහිපදෙනෙකුගේ සිරුරේ පච්ච කොටා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම පාසලේ ගුරුවරුන් පිරිසක් අදාළ සිසුන්ගේ සියලු ඇඳුම් ගලවා පරීක්ෂාවට ලක්කර තිබෙනවා. සිසුන් 72 කුගේ ඇඳුම් එලෙස ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට අදාළ ගුරුවරුන් කටයුතුකර ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට විවිධ තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ […]


Feb
15

තවත් කොවිඩ් රෝගීන් 463ක් – දෛනික ආසාදිතයින් ගණන 774ක් වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගියා. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 463 දෙනා සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් ගණන දැක්වෙන්නේ 76,428ක් ලෙසයි.


Feb
15

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ජනපති සහ අගමැති සිය ශෝකය පළ කරයි

Generic placeholder image

හිටපු කථානායකවරයෙකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ බවයි. වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කථානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූවෙක් බවත් සිංහල […]


Feb
15

කොවිඩ් එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට සංශෝධනවලට යටත්ව නීතිපති අනුමැතිය

Generic placeholder image

කොවිඩ් එන්නත් මිලට ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ආයතනය අතර වන ගිවිසුමට සංශෝධනවලට යටත්ව නීතිපතිවරයා අනුමැතිය දී තිබෙනවා.


Feb
15

නව ආසාදිතයින් 311 දෙනෙක් හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සහ බන්ධනාගාර ඇසුරින් හඳුනාගත් ආසාදිතයින් ලෙසයි. ඒ අනුව පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 301 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බන්ධනාගාර පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 10ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මිනුවන්ගොඩ, […]


Feb
15

කොවිඩ් වෛරසයේ අමුතු ප්‍රභේදයක් කොළඹින් හඳුනා ගනියි

Generic placeholder image

කොළඹ නගරයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම මගින් කොවිඩ් 19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පරීක්ෂණයකට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීම තුළින් අදාළ ප්‍රභේදය හඳුනා ගත් බවයි. ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත […]


News Articles
Latest Videos
Most Popular Post