නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
තවත් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ 5, කොටහේන, කොළඹ 13 සහ උඩතලවින්න යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා. එම මරණ සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
නව ආසාදිතයින් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 939ක්.
ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ඒ මහතා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටු කරන්නා බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා. අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා. අප්‍රේල් […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 536 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අද එක් වූ නව ආසාදිතයින් 536 දෙනා සමග එම පොකුරුවල සමස්ත ආසාදිත ගණන 68,691 දක්වා […]
කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. එමෙන්ම එය ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මේ සඳහා පෙනී සිට අත්වැල් බැඳගත් අයට තම ස්තුතිය පිරිනමන බවත් එහි […]
කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් වටලා තිබෙනවා.එම ගබඩාවේ තිබී ගිනිඅවි 08ක් සහ ජීවඋණ්ඩ 1171ක් සොයා ගෙන තිබෙනවා.
තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව කසක්ස්ථානයේ සිට සංචාරකයින් 235 දෙනෙකු හා යුක්‍රේනයේ සිට සංචාරකයින් 179 දෙනෙකු මෙරටට මෙලෙස පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීම සදහා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී මේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරදු 30 ක පමණ අයෙක් බවයි පොලිසිය සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ දක්වා මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය සොයාගෙන නොමැති අතර මිය ගිය […]
රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.පසුගිය සති දෙක ඇතුළත ජනගහනය මිලියනයකට 17 ක් දක්වා මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වාදෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා.
මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් සෑම දෙනාම මුහුණු ආවරණයක් පැළදීමට කටයුතු කරනු ලබනවා. බොහෝ දෙනා මේ වන විට ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීම දක්නට ලැබෙන අතර ඒ තුලින් වෛරස කාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බව ද කරන ලද පරික්ෂනයකින් අනාවරණය වී ඇති […]