ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන අදට වසර 05 ක් ගතව ඇති බව ඔහු සිය Face book ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ 2016 වසරේදී ඉන්දියාව සමග පැවැති තරගයකදී.
IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත්. IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා නම්, කුසල් ජනිත් පෙරේරාතිසර පෙරේරාකෙවින් කොත්තිගොඩමහේෂ් තීක්ෂණවිජයකාන්ත් වියස්කාන්ත්දුෂ්මන්ත චමීරවනිඳු හසරංගදසුන් ශානකඉසුරු උදාන
2018 වසරේ මැයි මාසයේ දී සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය නිදහස් කර තිබෙනවා. 31 හැවිරිදි මෙම කාන්තාව සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් සටන් කල අයෙක් […]
බ්‍රිතාන්‍යයේ මුල් වරට හදුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල් වලින් සිදු කල DNA පරීක්ෂණය මගින් සොයා ගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර සදහන් කරන්නේ.
හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසුවූවා. 1964 නොවැම්බර් මාසයේ 01 වෙනිදා උපන් ඒ මහතා කලාවට ප්‍රවේශ වී ඇත්තේ 1976 වසරේදී.
අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ඇතුලත වාහන 100 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තව දුරටත් මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවද එරට ආරක්ෂක අංශ සදහන් කළා. හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමේ හේතුවක් […]
මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පාර හරහා ගමන් කරමින් සිටි මෙම දැරිය ලොරි රථයක ගැටී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ මෙම දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
අභාවප්‍රාප්ත රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මිය යෑමට ප්‍රථම අවසන් වරට පෙනී සිටි ජායා රූප කිහිපයක් ඔහුගේ ගෝලයෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මුදා හැර තිබෙනවා. ඒ මහතා නායකත්වය සම්බන්ධ වැඩමුළුවක දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටි අවස්ථාවේ මෙම ජායා රූප කිහිපයට පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 580 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා. අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල ගුවන් ගමන් 10 ක් මගින් මේ පිරිස මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
16 හැවිරිදි පාසල් සිසුවියක් මව සමග ඇති කරගත් සිත් තැවුලක් හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගෙන තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ අදාල පාසල් සිසුවිය සිය නිවසින් පාසල් යෑමට පැමිණ ඇති අතර අනතුරුව ඇය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැන තිබෙන බවයි ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ. තලවකැලේ පොලසිය සිද්ධිය […]
චීනය BBC ලෝක පුවත් විකාශනය තහනම් කර තිබෙනවා. ඒ අනුව චීනය තුල BBC රුපවාහිනී හා ගුවන් විදුලි විකාශන කටයුතු නතර වෙනු ඇති. චීනයේ කොරෝනා වසංගත තත්වය හා සුළු ජාතික උයිගුර්වරුන්ට පිලිබදව දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචනය කිරීමට කටයුතු කර තිබුණා.
ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති බව පවසන පොලිසිය සදහන් කරන්නේ තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩ තුල ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස නැතිනම් යම් භාණ්ඩ […]