ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් කෙරුණා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් […]
හෙට උදැසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එය සංවිධාන කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්. ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි වේත්‍රධාරීවරයා කියා සිටියේ. එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 740 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කොවිඩ් වැළඳී සුව වූ මෙරට සමස්ත සංඛ්‍යාව 64,141ක් බවයි එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
මාර්තු මස 1 වැනිදා සිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙරට සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඒ යටතේ මධ්‍යස්ථාන 4,000 කදී අදාළ එන්නත ලබා දීමට සැළසුම්කර ඇති බවයි.
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ජෙන්ගොත් නම් ගම්මානය අධික වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර එම ජලය රතු පැහැයක් ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ තිබුණු බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීම හේතුවෙන්. කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය මෙලස ජලයට මුසුවී තිබෙන අතර මේ හේතුවෙන් ජලයද රතු පැහැ ගැන් වී තිබෙනවා.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 772 ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයින් 508 දෙනෙකුම හමුව ඇත්තේ බස්නාහිර පළාතෙන්. එයිනුත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අනුව එම ආසාදිතයින් ගණන 245ක්. කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්, බොරැල්ල 22ක්, මට්ටක්කුලිය 16ක්, ගොතටුව 12ක්, නවගමුව 13ක්, වැල්ලම්පිටිය 17ක්, කහතුඩුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලින් ආසාදිතයින් […]
අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල අද දිනයේ සිට පහත දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට පාරිභෝගික ජනතාවට සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකි වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය […]
ඌව,නැගෙනහිර,උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. උතුරු, […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ඇතැයි වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු තහවුරුකර තිබෙනවා. කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක්. ඔවුන් අවුරුදු 61ත් 84ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් […]
නව ආසාදිතයින් 410 දෙනෙකු හඳුනානෙ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 772ක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 807 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව […]
ඉන්දියාවේ උත්තර්කාණ්ඩ්හි ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කිහිපයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති අතර ඉන් දේපළ රැසකට ද […]