ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා. ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙන අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ […]
දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනයට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
කොරෝනා එන්නත් ව්‍යාජ ලෙස නිපදවූ පුද්ගලයින් 80 දෙනකු පමණ චීනය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම පුද්ගලයින් විසින් ව්‍යාජ ලෙස නිපදවු එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් එරට පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු අක්‍රිය වී අදාල වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මිය යන විට අදාල වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවුවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මීට පෙර ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණා.
වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළෑබද ප්‍රදේශයකදී සෝදිසි මෙහෙයුමක නිරත වූ යුද හමුදා භට කණ්ඩායමකට ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් යුද හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර අදාල පුද්ගලයා වව්නියාව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා. වෙඩි ප්‍රහාර එල්ල කල අනෙක් දෙදෙනා සොයා […]
ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සහ හා ආරක්ෂක අංශ නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට ලබා දී අවසන් බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ. අමාත්‍යවරිය වැඩි දුරටත් මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 65 % කට පමණ පිරිසකට ලබා දීම සදහා මේ වන විට […]
රුවන්වැල්ල, ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. එම දරුවා තවත් දරුවන් පිරිසක් සමග දිය නෑමට ගුරුගොඩ ඔයට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 826ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132 ක් වාර්තා වෙනවා.
අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් […]
ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්. මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.