කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක යොදවා තිබෙනවා.
කළුතර සිට මීගමුව බලා ධාවනය වෙන දුම්රියක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීළි පැනීමකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. . මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රියන් ප්‍රමාදයකට ලක්විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරන්නේ
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දරන ලද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර ඒ මහතා මේ වන විට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට,මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක. බස්නාහිර සහ […]
ඉකුත් 29 වැනිදා සිට අද දක්වා දින 5ක කාලය තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂය ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, අද දිනය තුළ 23,217 දෙනෙකුට එම එන්නත ලබා දීමත් සමගයි. ඒ අනුව අදාළ එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 118,767ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය, කොළඹ 2 සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු එකහමාරක් වයසැති දරුවෙක් ඇතුළු 7 දෙනෙක්. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 330ක්. අදාළ මරණ පිළිබඳ […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 715ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව […]
කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදු වූ පළමු වෛද්‍ය මරණය වාර්තා කරමින් අද උදෑසන මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඔහුගේ දේහය ආදාහනයකර තිබුණේ, ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදීයි. රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව […]
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු කොවිඩ් 19 වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. ඔහු පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහුට සෙම සහ උණ අපහසුතා තිබීම හේතුවෙන් ඉතා අසීරු තත්ත්වයේ පසු වූ බවයි. ඒ හේතුවෙන් එම දරුවා දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර ඇති අතර එහි […]
නව කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344ක්. මේ අතර කොවිඩ් ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් 968 දෙනෙකු අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 59,000 ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 59,043ක් ලෙසයි.
හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ පසුගියදා ඒ මහතාට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි. ඔහුව ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය සඳහා සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, […]