කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් 60ට වැඩි ජනගහනයට මාර්තු පළමු වෙනිදා සිට මෙම […]
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ පවතින භාෂාමය, ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම්ව හුවමාරු කර ගත් […]
කොරෝනා වෛරසය මේ වන විට ආදිවාසීන් අතරත් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඒ පිලිබදව බලධාරීන් අවදානය යොමු කල යුතු බවයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කරන්නේ. ඊයේ දිනය තුල පමණක් මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිදුන් 150ක් හදුනාගෙන තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
බුත්තල ප්‍රදේශයේ පාසලක 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලැබූ දැරියක් දහවල් ආහාර ගැනීමෛන් පසු ක්ලාන්තය ගතියක් ඇති ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඉන් පසු ගුරුවරු විසින් එම දරුවාගේ මවට ද කතා කර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දීමේදී එය ප්‍රමාද වීම නිසා මව විසින් ගුරුවරියක් ද සමග ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ඇතුලත් […]
තවත් ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුව තිබෙනවා. කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.
ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 261ක්. ඊයේ දිනය තුල හදුනාගත් නව ආසාදිතයින් ගණන 715ක් වනවා.
මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර අහඹු ලෙස රූගත වී තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අදාල ව්‍යායාම වල නිරත වන නර්තන ශිල්පිනියක ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය ද එරට හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ගීතයක් වීමද විශේෂත්වයක්. මේ අනුව […]
73 ජාතික නිදහස් සැමරුම් උළෙලෙහි මාධ්‍ය ආවරණ කරන සියළු මාධ්‍යවේදීන් ඊයේ දිනයේ PCR පරීක්ෂාවට යොමු කර තිබෙනවා.
අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අසල සිටි තරුණයෙකු සමග හිතවත් වී එම තරුණයා විසින් එම කාන්තාවන් දෙදෙනාට චයිනීස් රෝල්ස් දෙකක් ආහාරයට දී තිබෙනවා. ඒවා ආහාරයට ගත් අදාල කාන්තාවන් දෙදෙනා මත් වීමකට ලක්ව සිට ඇති අතර එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක පමණ වටිනා ආභරණ සහ මුදල් රැගෙන […]
ඊයේ දිනයේ තවත් කොරනේ මරණ 7ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.