News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
28

දෛනික ආසාදිතයින් ගණන 852ක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 852 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ගෙන් 351 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගෙන තිබූ අතර සෙසු 501 දෙනා රාත්‍රියේ වාර්තා වී තිබුණා. එම ආසාදිතයින් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝගීන් වනවා. ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 852ක් ලෙස දැක්වෙන අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ […]


Jan
28

අන්ධ පුද්ගලයෙකු නිවස තුළ නිදා සිටියදී දොරගුළු දමා ගිනි තබයි

Generic placeholder image

වවුනියාව, රාසේන්ද්‍රකුලම් ප‍්‍රදේශයේ අන්ධ පුද්ගලයෙකුට අයත් නිවසකට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 26 වැනිදා එම පුද්ගලයා ඔහුට අයත් නිවසේ නිදා සිටියදී කිසියම් පිරිසක් නිවසේ දොරගුළු දමා එලෙස නිවසට ගිනි තබා ඇති බවයි. ගින්නෙන් දැවෙන විට අන්ධ පුද්ගලයා කෑ ගසා ඇති අතර අසල්වැසියන් පැමිණ ඔහුව බේරාගෙන තිබුණා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ එම පුද්ගලයා […]


Jan
28

කොවිඩ් ආසාදිතව සිටි තවත් 1,869 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1,869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතෙක් සුවය ලැබූ වැඩිම රෝගීන් ගණන මෙය වන අතර ආසන්නතම වැඩිම රෝගීන් ගණනක් ඊයේ සුවය ලැබුවා. එම සංඛ්‍යවා 1,520ක්. අද සුවය ලැබූ සංඛ්‍යාව සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 54,000 ඉක්මවා ගිය අතර එම ගණන දැක්වෙන්නේ 54,435ක් ලෙසයි.


Jan
28

අද බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම්

Generic placeholder image

බස්නාහිර පළාත තුළ අද දිනයේ විශේෂ මෙහෙයෙුම් රැසක් සිදු කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක හෝ පී.සී.ආර්. පරීක්ෂණ ස්ථාන 12කදී සිදු කෙරෙන බවයි. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටව යන්නේ නම් එම ජනතාවට සිදු කෙරෙන අදාළ කොවිඩ් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය […]


Jan
28

බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ තරුණයාට සැමියා පන්න පන්නා පිහියෙන් අනියි

Generic placeholder image

තම බිරිඳ තවත් තරුණයෙකු සමග අනියම් ඇසුරක් පවත්වා හසු වීම නිසා කුපිත වූ පුද්ගලයෙකු එම තරුණයාට පිහි පහරවල් කිහිපයක් එල්ලකර තිබෙනවා. අදාළ සිද්ධිය වාර්තා වන්නේ කටාන ප්‍රදේශයෙන්. එම පුද්ගලයා සංගීත කණ්ඩායමක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙකු වන අතර එහි සේවය සඳහා යන ඔහු යළි නිවසට පැමිණෙන්නේ පසු දින අලුයම් කාලයේදීයි. එහෙත් සිද්ධිය වූ දින […]


Jan
28

ඉන්දියාවෙන් ගෙන ආ එන්නත් තොගය ජනපතිට භාර දෙයි (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විසින්. අදාළ එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ මීට සුළු වේලාවකට පෙරයි. ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු […]


Jan
28

ඉන්දියාවේ කොවිඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය දිවයිනට (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් පළමු තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත මීට සුළු මොහොතකට පෙර ළඟා වුණා. ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අයත් වනවා. ඉන් එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලබා දිය යුතු බවයි දන්වා […]


Jan
28

මත්ද්‍රව්‍යයකින් නිපදවූ තෙල් වර්ගයක් ප්‍රථම වරට මෙරටින් සොයා ගනියි – අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

මත්ද්‍රව්‍යයක් භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් සමග මහරගම, ඇරැව්වල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය භාවිතකර එම තෙල් වර්ගය නිෂ්පාදනයකර ඇති අතර ඒවා පැකට්කර තිබියදී හමු වූ බවයි. අදාළ මත්ද්‍රව්‍ය භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් මෙරටින් හමු වී ඇත්තේ ප්‍රරථමවරට වන අතර ඒවායෙහි බර කිලෝ ග්‍රෑමයකට අධික බවයි පොලිසිය පැවසුවේ. කොළඹ සංවිධානාත්මක අපරාධ […]


Jan
28

සවස් කාලයේ වැසි – ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Generic placeholder image

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ස්ථානවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් එලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවයි. එමෙන්ම අද උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් […]


Jan
28

මෙරට කොවිඩ් මරණ 290ට නගියි – දෛනික ආසාදිත ගණන 742යි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. කොළඹ 15 සහ ගෝනපොල යන ප්‍රදේශවල පදංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 74 හැවිරිදි කාන්තාවත් එලෙස මිය ගොස් තිබුණා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් : මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 ඊයේ දිනය […]


Jan
28

නිදහස් දින පෙරහුරු සඳහා දින පහකට කොළඹ වාහන ධාවනය සීමා කෙරේ

Generic placeholder image

පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙල සඳහා වන පෙරහුරු පෙළපාලි හේතුවෙන් කොළඹ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ලබන සෙනසුරාදා සිට පෙබරවාරි මස 3 වැනිදා දක්වා දින පහක් නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත මාර්ගවල වාහන ගමනාගමනය එලෙස සීමා කෙරෙන බවයි. ඒ අනුව බොරැල්ලේ සිට […]


Jan
26

පාරිභෝගිකයෙකු රවටා 1500 ට 150 ක ඉන්ධන ගැසූ සේවකයින් තිදෙනෙකුට වැඩ වරදී

Generic placeholder image

ඉන්ධන පිරවුම් හලක් වෙත ගොස් රුපියල් 1500ක් ලබා දී ඉන්ධන ලබා ගත් පුද්ගලයෙකු හට එම ඉන්ධන හලේ සේවකයින් පිරිසක් වීසින් රුපියල් 150 ක සරිලන ආකාරයට ඉන්ධන ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. හම්බන්තොට ඉන්ධන පිරවුම් හලකින් මෙම පුවත වාර්තා වෙනවා. එනම්, ඉන්ධන පිරවීමේ දී එතරම් සැලකිල්ලක් නොදැක්වූ පාරිභෝගිකයෙකු රවටා මුදල් ලබා ගත් මෙම සේවකයින් තිදෙනා […]


News Articles
Latest Videos
Most Popular Post