ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹෙයි. අගෝස්තු 21 වන දින සර්ව රාත්‍රික පර්ත්‍රාණ දේශනයෙන් ඇරඹී පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අගෝස්තු 23න් ඇරඹී අගෝස්තු 28 වනදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ (26) රාත්‍රියේ අවසාන රාත්‍රී මහා පෙරහැර වීදී සංචාරය කෙරුණු අතර අද (27) දින දෙවොල් මඩු ශාන්ති යාගය සහ 28 වන […]
වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා තිබූ නුවරඑළිය තැපැල් කාර්යාලය අද (25) දින විවෘත කිරීමත් සමඟ විදේශික සංචාරකයන් විශාල ප්‍රමාණයකින් පිරී ගිය බව දක්නට ලැබී තිබුණා. එසේ පැමිණි විදේශිකයන් සිහිවටනයක් ලෙස එම තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්දර සහ පෝස්ට් කාඩ් මිලදී ගැනීමටත් තවත් පිරිසක් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ නමට ලිපි තැපැල් කරන අයුරුද දක්නට […]
ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ මේ වනවිට උතුරු දෙසට ගමන් කරන Hurricane Erin සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු මුහුදු රළ සමඟින් ඇති වූ ගංවතුර තත්වය සහ වෙරළ ඛාදනය හේතුවෙන්. ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්වය තවත් දින කිහිපයක් පවතින බවයි. කුණාටුව හේතුවෙන් දැනටමත් උතුරු කැරොලිනා වෙරළ තීරයට සහ […]
ලබන මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත Apple සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ iPhone 17 Pro Max ජංගම දුරකථනයයි. කෙසේ වෙතත්, මෙම නව දුරකථන මාදිලියේ විශේෂාංග පිළිබඳ නිල තොරතුරු තවමත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිකුත් කර නැහැ. පසුගිය වසරේ නිකුත් වූ iPhone 16 දුරකථන මාලාවට පසුව, iPhone 17, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max […]
සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පවන් රත්නායක සංචිතයට කැඳවයි. ශ්‍රි ලංකා පිළ හෙට (22) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාරිත්‍ර සිදු කොට තිබුණා.යුග දිවියට එළැඹි නදීමාල් – ලෂිණි යුවළට සියත අපෙන් සුභ පැතුම් !
ලෝක ඡායාරූපකරණ දිනය, සෑම වසරකම අගෝස්තු මස 19 වන දින සමරනු ලබනවා. මෙම දිනය ඡායාරූපකරණය කලාවක්, විද්‍යාවක් සහ මාධ්‍යයක් ලෙස හඳුනාගැනීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙනවා. ලෝක ඡායාරූපකරණ දිනය ආරම්භ වන්නේ 1839 වසරේ අගෝස්තු 19 වැනිදා ප්‍රංශ රජය විසින් “ඩැගියෝ චිත්‍රය” (Daguerreotype) නම් වූ ඡායාරූපකරණ ක්‍රියාවලියේ පේටන්ට් බලපත්‍රය මිල දී ගෙන එය මුළු ලෝකයටම තෑග්ගක් […]
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාධ්‍ය ආයනතන මගින් නිකුත් කරනු ලබන ලිපි, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් සඳහා පොලිස්පතිතුමාගේ ඡායාරූප පළ කිරීමට අවශ්‍ය වන අවස්ථාවන් වලදී දී පහත දී ඇති ඡායාරූපය භාවිතා කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කොට තිබෙනවා.
චීනයේ සමාගමක් විසින් ලොව ප්‍රථම ගැබ්ගැනීමේ හියුමනොයිඩ් රොබෝවරයා කෘත්‍රිම ගර්භාෂයක් උපයෝගී කරගෙන නිපදවීමට සැලසුම් කර තිබෙනවා. ගුවැන්ෂු හි පිහිටි Kaiwa Technology සමාගම විසින් මෙය නිපදවීමට කටයුතු කරමින් සිටින අතර, මෙම හියුමනොයිඩ් රොබෝවරයාගේ උදරයේ කෘත්‍රිම ගර්භාෂයක් සවිකර තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා වලට අනුව මෙය කළලයක් දස මාසයක් පුරා වර්ධනය කර දරුවෙකු ප්‍රසූත කිරීමට හැකිවන පරිදි නිර්මාණය […]
නළුවකු ලෙස රජිනිකාන්ත් සිනමා දිවියට පිවිස අදට (අගෝස්තු 15) වසර 50ක් සපිරේ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනිකාන්ත් උපත ලැබුවේ සිවාජි රාඕ ගයික්වාඩ් නමින් මරාති පවුලක වන අතර ඔහුගේ මව් බස මරාති වුවද, පසුව ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණා. සිනමාවට පිවිසීමට පෙර ඔහු බස් කොන්දොස්තරවරයෙක් ලෙස ද සේවය කර තිබෙනවා. Madras Film […]
මන්නාරමේ පිහිටි ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන පැවැත්වුණා. අද (15) අලුයම 6.15 ට ආරම්භ වූ ආශිර්වාද දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ආශිර්වාද දිව්‍ය පූජාව බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක, වෛද්‍ය සහ ආහාරපාන පහසුකම් යුද හමුදා, පොලිස් සහ නාවික හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිතව සපයා තිබූ බවටයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සෞන්දර්‍ය විඳ ගනිමින් කොළඹ සිට් බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් 2025.08.16 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 05.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ 2025.08.17 දින සිට සෑම ඉරිදා දිනකම […]