කොරෝනා එන්නත් අතර කොවිඩ් මර්දනයට ලබා දෙන මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම ප්‍රාන්ත බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.
15 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ඊයේ අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු හා මිට පෙර මෙම දැරිය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඊට දැරියගේ මව්පියන් විරෝධය පල කිරීම හේතුවෙන් එම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉන් අනතුරුව අදාල පුද්ගලයා විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී එහිදී […]
සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිර්දේශ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්වුණා
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පානදුර ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8.00 සිට ජල සැපයුම අත්හිටුවනු ඇති බවත් මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.
අද ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු වානිජ ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව අද දින උදෑසන 7.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානය කටුනායක […]
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. එම ට්විටර් සටහන පහතින්,
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..
කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස 10 කට ආසන්න කාලයක් වසා දැමුණු ගුවන් තොටුපල සංචාරකයින් සදහා අද යළි විවෘත වෙනවා. පසුගිය මාර්තු 16 වෙනිදා වසා දමන ලද ගුවන තොටුපළ ආශ්‍රිත සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වුණ අතර සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ඒ අනුව […]
දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වේ. උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]
චීනයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන බිලියනපතියෙකු වූ “ජැක් මා” ඉකුත් දින කිහිපය තුල අතුරුදහන් වූ බවට විදෙස් වාර්තා සදහන් කල අතර කෙසේ වෙතත් අද දීනයේ ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වෙනවා. එම තොරතුර පැතිරයාමත් සමගම හොංකොං කොටස් වෙළෙඳපොළෙහි අලිබාබා සමූහයේ කොටස් වල වටිනාකම 5%කින් ඉහළ […]
ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර දිව ආසාදනයය ලක්වීම කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර කැපී පෙනෙන ලක්ෂණයක් බව පර්යේෂකයින් සදහන් කරනවා. ඒ අනුව රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වන අතර හිසරදය […]
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. අධ්‍යක්ෂවරිය තම ඉල්ලා අස්වීම පිලිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බවයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුව ඇය සදහන් කර නොමැත.