අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ වැඩබලන ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, රුපියල් 29,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදීයි. අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යනු ලබන ගිනි නිවීමේ උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ ප්‍රදේශයේ හෝටලයක වෙළද බලපත්‍රය ලබා ගැනීම ඇතුළු කටයුතු කිහිපයක් සදහා අදාළ […]
යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතා පත්කර තිබෙනවා. ඒ හිටපු නරාධිපති ඊ. ආනල්ඩ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සදහායි.
දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යෑම නිසා නව සිමා පැනවීමට එරට ජනපති රමපෝසා පියවර ගෙන තිබෙනවා. මේ අනුව එරට රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය තුල රටපුරා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන අතර අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇති. මත්පැන් අලෙවිය ද තහනම් […]
ඩෙංගු පරීක්ෂාව සදහා පානදුර මූලික රෝහලට පැමිණි පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියකට සුනඛයින් සහ බළලුන් සපා කෑ විට ලබා දෙන ඖෂධයක් එන්නත් කිරීම නිසා ඇය අධි නිද්‍රාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අදාළ දැරිය රැගෙන ඇයගේ මව පානදුර රෝහල වෙත පැමිණ තිබුණේ ඊයේ පෙරවරුවේයි. එම අවස්ථාවේ රෝහල් […]
එංගලන්තයේ හම්බර්සයිඩ් ප්‍රදේශයෙන් අත්භූත පුවතක් වාර්තා වෙනවා. 19 හැවිරිදි තරුණියක් විසින් නත්තල් දිනයේ දී අත්භූත ජායා රූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර අතුරුදහන් වී ඇති බව ඇයගේ සමීපතමයින් සදහන් කරනවා. ඒ ජායා රූපයේ ඇය සමග තවත් ගුප්ත පුද්ගලයෙක් සිටින අතර මේ පිලිබදව ඇයගේ දෙමව්පියන් සදහන් කරන්නේ මෙම ජායා රූපය ඇය විසින් පළ කල එකක් […]
රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුකොටගෙන බස් සහ දුම්රිය ධාවනයන් සීමා සහිතව ධාවනය කිරිමට පසුගිය දින කිහිපය තුළ පියවර ගෙන තිබුණි. නමුත් මේ වන විට එලඹෙන 01වැනිදා සිට දුර ගමන් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව, ප්‍රවාහන බලධාරීන් පවසයි. ඒ අනුව සියලු බස් රථ ධාවනයට යළි එක් කරන්නැයි, බස් හිමියන්ට දැනුම් දී ඇති අතර 01 […]
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සිය බිරිද වන අනුෂ්කා ශර්මා ගේ පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට සැරසෙන කාල වකවනුවාක ඇය සහ ලැබෙන්නට සිටිනා දරුවා සමග කාලය ගත කිරීම සදහා පිතෘ නිවාඩු ගෙන තිබෙනවා. ඒ ඔහු විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කල ඉල්ලීමකට අනුවයි. ඒ සදහා එම පාලක මණ්ඩලය විසින් ඔහු හට නිවාඩු ලබා දීමට […]
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකතන අංකය තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය යථා තත්ත්වයට පත් වන තෙක් එම දෙපාර්තමේන්තුව ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති අතර හදිසි තත්ත්වයකදී අදාළ අංක ඇමතීම මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා […]
කොල්ලුපිටිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යට වී තිබුණා. එම අවස්ථාවේ එහි සිටි අදාළ පුද්ගලයා ඊට හසු වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට කොරෝනා මර්දන එන්නත් කිරිම් එළැඹෙන මාර්තු මාසය පමණ වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඇය පැවසුවේ, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇණවුම්කර ලබා ගන්නා බවයි. කොරෝනා මර්දන එන්නත මුලින්ම […]
ඊයේ රාත්‍රියේ දී අහුන්ගල්ල පොලිසිය විසින් ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.ඒ බලපිටිය ප්‍රදේශයේදී. එහිදී ගිනි අවි කිහිපයක් සහ එය සැදීමට ගන්නා යකඩ පටි , ලී කපන කියතක් , යාන්ත්‍රික විදිනයක් , ආදී උපකරණ කිහිපයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනවරණය වී ඇත්තේ ගිනි අවි […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාව සදහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථානය කිරීමට සැළසුම්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ඒ සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් පාතාල ගණයේ රැඳවියන් වෙන්කර, ඔවුන්ව දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා […]