News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

තවත් ආසාදිතයින් 182 හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 182 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 588ක් ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 35,548 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය […]


Dec
24

නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

අද සහ හෙට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අද රාත්‍රී සහ හෙට උදෑසන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


Dec
24

තවත් ආසාදිතයින් 406ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 388 දෙනෙක් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


Dec
24

“ජනවාරි පළමුවැනිදා සිට විශේෂ බස් සේවාවක්” – සියත මෝර්නින්ග් ෂෝ එකේදී එන්.ටී.සී. ය ඒ ගැන කිව්ව කතාව

Generic placeholder image

ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා. ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන […]


Dec
24

හුදෙකලා කෙරුණු ප්‍රදේශ දෙකක් නිසා දුම්රිය ගමනුත් සීමා වෙයි

Generic placeholder image

අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි. ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද […]


Dec
24

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 30,000 ඉක්මවයි

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මයා ගියා. ඒ, වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 686 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 30,568ක් ලෙසයි.


Dec
24

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රධාන මාර්ගය ආසනයේ දමා ගොස් තිබියදී පොලීසය විසින් සොයාගෙන තිබෙනවා. මිය ගිය අදාල කාන්තාව 49 හැවිරිදි වියෙහි පසුවූ තිදරු මවක් බවයි පැවසෙන්නේ. තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ජිවිතක්ෂයට පත් කර ඇති බවට වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Dec
24

එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

Generic placeholder image

එංගලන්තයෙන් හදුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය හදුනා ගැනීම සදහා ජාන විද්‍යාත්මක විශේලේෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මෙරට තිබෙන බව වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සදහන් කරනවා. එමෙන්ම එවැනි නව වෛරස් ආසාදිත රෝගීන් හමු වුවහොත් විශේෂ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. ඒ අද පැවැති විශේෂ […]


Dec
24

සුවසරණ සෞඛ්‍ය අරමුදලෙන් කළුතර දිස්ත්‍රික්කයට පී.සී.ආර්. යන්ත්‍රයක් – නිල වශයෙන් ජනපතිට භාර කරයි

Generic placeholder image

සුවසරණ සෞඛ්‍ය අරමුදල මගින් කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීම සඳහා මිල දී ගත් නව පී.සී.ආර්. යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර කිරීම පසු ගියදා සිදු කෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. පිරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නව පී.සී.ආර්. යන්ත්‍රය මිල දී ගැනුණේ, හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක, පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම […]


Dec
24

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් සිංගප්පුරුවෙනුත් හමුවේ

Generic placeholder image

එංගලන්තයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු සිංගප්පූරුවෙන් පළමුවරට හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකුට මෙම වෛරසය අසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


Dec
24

තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකෙලාකර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස්බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයට පත් කරන බවයි.


Dec
24

නත්තල වෙනුවෙන් සුරාසැල් වසයි

Generic placeholder image

නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි. එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන 29 වැනිදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post