News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 733 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන ලක්ෂ 733 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන 73,365,192ක්. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 17කට ආසන්නයි. කොරෝනා මර්දනය කිරීම සදහා ලොව පුරා ප්‍රබල රටවල් නිපදවා ඇති කොවිඩ් එන්නත් මේ වන විට ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.


Dec
16

අදත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Dec
15

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන සෙවීමට CID කණ්ඩායම් 3ක්

Generic placeholder image

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) සවස හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Dec
15

නෙදර්ලන්තය සති 5කට ලෝක් ඩවුන්

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


Dec
15

අදත් කොරෝනා ආසාදිතයින් 558ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,867ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Dec
15

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කරයි

Generic placeholder image

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ භුමියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඈති බව ගිනි නිවන හමුදාව සදහන් කරනවා. ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.


Dec
15

මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

Generic placeholder image

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම අනවසරයෙන් ධීවර කටයුතු කල පිරිස අත්අඩංගුවට ගැනුණා.


Dec
15

බස් රථ තුළ සිටගෙන යෑම නිරෝධායන නීති කඩකිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්

Generic placeholder image

බස් ගාස්තු පවා වැඩි කළ පසුබිමක බස් රථ තුල අසුන් ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම එනම් ධාවනය අවස්ථාවේ දී මගීන් බස් රථ තුල සිටගෙන ගමන් කිරීම නිරෝධායන නීති කඩ කිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් පොලිස්පති වෙත යොමු කරමින් සදහන් කර සිටිනවා. ඒ අනුව එම නිතිය කඩ කරන පාර්ශව වලට එරෙහිව නිරෝධායන නීති අනුව […]


Dec
15

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ භුමියේ ගින්නක්

Generic placeholder image

අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහාගිනි නිවන රථ 09ක් යොදවා ඇති බව ගිනිනිවන හමුදාව සදහන් කරනවා.


Dec
15

පුද්ගල ඝාතනයකට වැරදි කරුවන් වූ 05 දෙනෙකුට මරණ දඩුවම

Generic placeholder image

හෝමාගම මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියමකර තිබෙනවා. ඒ, 2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කිරීම හේතුවෙනි.


Dec
15

පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම යානයේ ගුවන් නියමුවා පමණක් ගමන් කර තිබෙන අතර අදාල යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
15

බස්නාහිර පළාතේ රැඳීසිටින අයට සෞඛ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

Generic placeholder image

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩියෙන් හමුවන බැවින් බස්නාහිර පළාතේ රැඳී සිටින පුද්ගලයින් හැකිතාක් සංචරණ කටයුතු සීමාකරන ලෙස ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කර තිබේ. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ හැකිතාක් ජනතාව නිසි ආකාරව සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි. මේවන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 30,000ට ආසන්න […]


News Articles
Latest Videos
Most Popular Post