News Line| Off Air
Generic placeholder image

Dec
17

විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානයට තොරතුරු රැස් කරයි

Generic placeholder image

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කළ හැකි අතර ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර තිබේ.


Dec
17

කොරෝනා ආසාදිතව සිටි මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මවක් ද සොයිසා’ කාන්තා රෝහලේදී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී සිදුකල pcr පරීක්ෂණයේදී එම මව කොරෝනා ආසාදිත බව හදුනා ගැනුණා. 29 හැවිරිදි අදාල මව අද පිරිමි දරුවන් දෙදෙනෙකු සහ […]


Dec
17

කොරෝනා වෛරසයේ ආරම්භය සොයන්න ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට

Generic placeholder image

මේ වන විට ලොව පුරා මාරාන්තික වසංගතයක් ලෙස පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයට පිටත්ව යෑමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ එම කණ්ඩායම චීනයේ වූහාන් නගරයේ සති කිහිපයක් විමර්ශන සිදු කරන බවයි.


Dec
17

පෞද්ගලික රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවක්

Generic placeholder image

මෙරට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තෙන් සිටින කොවිඩ් රෝගීන්ට ඒ සදහා අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරනවා. රටතුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන මේ පිලිබදව සාකච්ඡා කළ බවයි යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ.


Dec
17

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 616ක් හදුනා ගැනේ

Generic placeholder image

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 616 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 611 දෙනෙකු දේශීයව හඳුනා ගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 5 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් අතරින් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ⁣කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම ආසාදතයින් ගණන 266ක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් […]


Dec
17

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Generic placeholder image

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අමිත ගමගේ මහතා පත්කර ඇති බව වාර්තා වෙනවා.


Dec
17

චීනයේ චෑන්ග් ඊ5 යානය සඳේ පස් සාම්පලද රැගෙන නැවතත් පෘථිවියට

Generic placeholder image

චීනයේ චෑන්ග් ඊ5 යානය සඳේ පස් සාම්පලද රැගෙන පොළවට ගොඩබස්වා තිබෙනවා. එම යානය 1976 වසරට පසු සඳේ පාංශු සාම්පල පොලොවට රැගෙන ඉතිහාසගත අභ්‍යාවකාශ ක්ෂෙත්‍රයේ විප්ලවීය ගවේශණයක යෙදුණ අතර මේ වන ඊට අදාල ජායා රූප මාධ්‍යට නිකුත් කර තිබෙනවා.


Dec
17

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Generic placeholder image

අද උදෑසන 6.00 සිට අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එම නිවේදනය පහතින්,


Dec
17

ධවල මන්දිරයෙන් වෛද්‍යවරු කියන තුරු ට්‍රම්ප් ෆයිසර් එන්නත එපා කියයි

Generic placeholder image

ඇමෙරිකානු ජනතාව හට මේ වන විට ලබා දෙන ෆයිසර් එන්නත ජනපති ට්‍රම්ප් ද ලබා ගැනීම සදහා තවමත් ධවල මන්දිරයෙන් වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලැබෙන තුරු බලා සිටින බවට විදේස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කොරෝනා අසාදනය වී තිබු කාල සිමාවේ මොනොක්ලොනල් ප්‍රතිදේහා මාත්‍රාවන් හි ප්‍රතිලාභ තවමත් ලැබෙන හෙයින් ඔහු තවමත් මෙම එන්නත ප්‍රමාද කිරීම සිදු […]


Dec
17

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 740 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 740 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය මරණ ගණන 1,646,942 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 480 ක් පමණ සුවය ලබා ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා,


Dec
17

MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට අත් හිටුවයි

Generic placeholder image

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ පිලිබදව වන නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.


Dec
17

අදත් තරමක වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී […]


News Articles
Latest Videos
Most Popular Post