News Line| Off Air
Generic placeholder image

Dec
16

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට යළි ඇරෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබෙනවා. තොග වෙළෙඳාම පමණක් දැනට මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ සිදු කරනු ලබන බවයි ධීවර අමාත්‍යාංශය සදහන් කරන්නේ.


Dec
16

තවත් කොරෝනා මරණ තුනක් කොළඹින් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 157 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
16

ගොකරැල්ල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අල්ලයි

Generic placeholder image

ගොකරැල්ල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පැවසෙන්නේ


Dec
16

ජැෆ්නා සහ ගෝල් LPL අවසන් සටනට සැරසෙයි

Generic placeholder image

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කළම්බු කිංග්ස් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම […]


Dec
16

කොරෝනා ආසදිතයෙක් වැලිසර රෝහලෙන් පළා යයි

Generic placeholder image

ඊයේ පස්වරුවේ වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ pcr පරීක්ෂණ යෙදී අදාල පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනුණා. පළා ගිය සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Dec
16

දකුණු පළාතේ කොරෝනා රෝගීන් 500 ඉක්මවයි

Generic placeholder image

දකුණු පළාතේ වාර්තා වන කොරෝනා ආසාදිත ගණන මේ වන විට 500 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 31 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික් බල ප්‍රදේශ තුල ඉකුත් සති දෙකක කාලය තුල පමණක් හමු වී ඇති කොරෝනා රෝගීන් ගණන 113 ක්. මේ අතර දකුණු පළාතේ පුද්ගලයින් 3074 ක් මේ වන […]


Dec
16

පාදෙණිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් මව සහ අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙක් මරුට

Generic placeholder image

ඊයේ පස්වරු 6.30 ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී මවක් හා ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති දරුවා මියගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ අදාල කැබ් රථයේ පුද්ගලයින් 11 දෙනෙකු ගමන් කර තිබෙන අතර රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර […]


Dec
16

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 733 පනියි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන ලක්ෂ 733 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන 73,365,192ක්. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 17කට ආසන්නයි. කොරෝනා මර්දනය කිරීම සදහා ලොව පුරා ප්‍රබල රටවල් නිපදවා ඇති කොවිඩ් එන්නත් මේ වන විට ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.


Dec
16

අදත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Dec
15

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන සෙවීමට CID කණ්ඩායම් 3ක්

Generic placeholder image

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) සවස හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Dec
15

නෙදර්ලන්තය සති 5කට ලෝක් ඩවුන්

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


Dec
15

අදත් කොරෝනා ආසාදිතයින් 558ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,867ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post