මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව වාර්තා වෙනවා. ඒ අදාල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හදුනා ගැනීමත් සමගයි.
දුෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධාකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම බව ජනාධිපතිතුමා පවසයි. දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් වන බව ජනාධිපතිතුමා පැවසීය. නාස්තිය හා දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බව ජනාධිපතිතුමා සඳහන් කළේ […]
ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් 798 දෙනෙක් හදුනාගැනුණු අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 526ක්. දෙවනුට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණ අතර එම ගණන 97. කළුතර දිස්ත්‍රික්කයෙන් 53 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් තමන් වැඩ භාරගත් පසු ප්‍රථම දින 100 තුල කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීම ඉලක්ක කර ඇති බව වාර්තා වෙනවා. මේ වන විට ඇමෙරිකාවේ ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත භාවිතය සදහා එරට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1950 දෙසැම්බර් 9 වැනිදා සිලෝන් රෝයල් නේවී නමින් පිහිට වූ ශ්‍රී ලංකා නාවික හමුදාව 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් හැඳින්වුවා. සංවත්සරයට සමගාමීව අද සිට ලබන 13 වැනිදා දක්වා ගාලුමුවදොර පිටිය ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් ගණන 797 ක් හදුනාගෙන තිබෙන අතර මේ අනුව මෙරටින් හදුනාගෙන සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29 378 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ හදුනාගත් අශ්‍රිතයින් අතර පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්567ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 230 දෙනකු ද හදුනා ගැනුණා.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි ව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව දෝහා කටාර් සිට 111 දෙනකුත් , ඩුබායි සිට 191 ක්, සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනකු ඒ අතර වෙනවා. මේ සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
නව ආසාදිතයින් 797 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 567ක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 230ක් ලෙසයි. ඒ අනුව අද දිනට ආසාදිතයින් 797 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පොකුරු ආශ්රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 25,822ක් ලෙසයි.
මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ දින 20ක් වයසැති බිළිදෙක් ඇති වූ අසනීප තත්වයක් මත ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී ඇතිවූ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් එම බිළිදා මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. බිළිදාට සිදු […]
රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත.සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව සහ […]
පොලිසිය විසින් සිදු කල විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ දිනයේ දී අධික වේගයෙන් ධාවනය කල යතුරු පැදි 24 ක් හා පුද්ගලයින් 20 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී දරුවන් දෙදෙනෙකුට මරු කැදවමින් හා ගැබිණි මවකට බරපතල තුවාල සිදු කල රිය අනතුර හේතුවෙන් මාර්ගයේ අපරික්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවන පුද්ගලයින් සොයා මේ […]