ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටු තත්වය නිසා උතුරු පළාතේ පාසල් දින දෙකකට වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම සිදු කර තිබෙනවා.
ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 545 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. මේ අතර ප්‍රදේශයක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුයේ අටළුගම ප්‍රදේශයෙන් ය. මෙම ආසාදිතයින් හදුනා ගෙන ඇත්තේ ඊයේ දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී ය.
මේ වන විට සුළි කුණාටු තත්වයක අවදානමක් ශ්‍රී ලංකාවට බලපා තිබෙන අතර එම අයහපත් කාලගුණය පිලිබදව තොරතුරු සදහා 117 නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්.
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට වත්තල ප්‍රදේශ කිහිපයකට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 04 00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන ප්‍රදේශ වන්නේ , බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද , හේකිත්ත, පල්ලියවත්ත, හැඳල මාර්ගයටයි.
වසර ගණනාවකට පසු සුළි කුණාටුක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර ඒ අනුව හදිසි සුළි කුණාටුක් නිසා ඇති වන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය පිලිබදව යම් අවබෝධයක් ඇති කරගැනීම වැදගත්. අද රාත්‍රී කාලය වන විට මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත බව පැවසෙන අතර හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමට වගබලා ගත යුතු අතරආරක්ෂාව සඳහා ශක්තිමත් […]
චීනයේ වැන්ග් 5 අභ්‍යවකාශ යානය සද පෘෂ්ටය මතට සාර්ථකව ගොඩ බස්සවා ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ලැන්ඩර් යානය මගින් සද මත මීටර් දෙකක් පමණ ගැඹුරින් සිදුරු කල එහි තිබෙන පාෂාණ ලබා ගැනීමට නියමිත බවද සදහන් වෙනවා. මේ සදහා රොබෝ අතක් යොදා ගැනීම සිදු කරන බව පැවසෙන අතර වසර 40 කට පසු මිනිසුන් රහිත සදේ […]
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට සම්බන්ධ සහ ඊට නායකත්වය ලබා දුන් රැදවියන් 125 දෙනකු හට නඩු පැවරීමට කටයුතු කරන බව පාලන අධිකාරිය සදහන් කරනවා. අදාල සිද්ධියෙන් රැදවියන් 106 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කල අතර රැදවියන් 11 දෙනකු මිය ගොස් තිබෙනවා.
කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව කොළොන්නාව තැපැල් කාර්යාලය ඇතුළු අවට තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මුහණ දී ඇති ගැටලු පිළිබඳව තවදුරටත් අවදානය යොමු කරමින් පෞද්ගලික බස්රථ සඳහා මේ මස මුල් සති දෙකක කාලයක් සදහා ලොක් ශීට් සහ පිවිසුම් පත්‍ර ගාස්තු අය නොකරන බව විෂයභාර ආමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කරනවා.
කොරෝනා මඩින ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වෙනවා. මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක ජනතාව මුදා ගැනීම සදහා ලොව පුරා තරගකාරීව එන්නත් නිපදවීම ආරම්භ කෙරුණ අතර එම එන්නත් අතර මෙම ෆයිසර් එන්නත ඉහල සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ඉදිරියෙන්ම සිටිනවා. මෙම එන්නත් සදහා අනුමහිය ලබා දෙන VRBpac […]
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙ දී සිදු වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ බව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. අදාල ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර තුවාල ලබූ රැදවියන්ගෙන් පිරිසකටද කොරෝනා වෛරසය අසාදනය වී තිබු බවට මිට පෙර හදුනා ගැනුණා.