News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

කෘතීම කුකුල් මස් සඳහා සිංගප්පුරුවේ අනුමැතිය හිමි වෙයි

Generic placeholder image

විදයානුකූලව වැඩි දියුණු කරන ලද මස් සඳහා සිංගප්පුරුවේ අනුමැතිය හිමි ව තිබෙනවා. මේ අනුව වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමේ අවසරය එරට සමාගමකට හිමිව තිබෙනවා. මේ සදහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබාගෙන නොමැත බව සදහන්.


Dec
2

බුරවී අද රාත්‍රියේ දිවයිනට

Generic placeholder image

බුරවී සුළි කුණාටුව අද රාත්‍රී 07 – 10 ත් අතර කාලය තුල දිවයිනට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ හේතුවෙන් දිවයිනේ හරහා හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩි විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා. මේ අතර උතුරු , උතුරු මැද , වයඹ , නැගෙනහිර , බස්නාහිර , සබරගමු […]


Dec
2

ප්‍රවීණ බොලිවුඩ් නළු සනී ඩියෝල්ටත් කොරෝනා

Generic placeholder image

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා. ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර තුරේදී සිදු කරන ලද pcr පරීක්ෂනයට අනුවයි ඒ බව හදුනාගෙන තිබෙන්නේ.


Dec
2

බුරවී නිසා උතුරේ පාසල් දින දෙකකට වැසෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටු තත්වය නිසා උතුරු පළාතේ පාසල් දින දෙකකට වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.


Dec
2

ලොහාන් රත්වත්තේට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Generic placeholder image

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම සිදු කර තිබෙනවා.


Dec
2

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් 96 ක් අටළුගමින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 545 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. මේ අතර ප්‍රදේශයක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුයේ අටළුගම ප්‍රදේශයෙන් ය. මෙම ආසාදිතයින් හදුනා ගෙන ඇත්තේ ඊයේ දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී ය.


Dec
2

අයහපත් කාලගුණය ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් මෙන්න

Generic placeholder image

මේ වන විට සුළි කුණාටු තත්වයක අවදානමක් ශ්‍රී ලංකාවට බලපා තිබෙන අතර එම අයහපත් කාලගුණය පිලිබදව තොරතුරු සදහා 117 නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්.


Dec
2

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Generic placeholder image

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට වත්තල ප්‍රදේශ කිහිපයකට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 04 00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන ප්‍රදේශ වන්නේ , බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද , හේකිත්ත, පල්ලියවත්ත, හැඳල මාර්ගයටයි.


Dec
2

සුළි කුණාටුක් නිසා ඇතිවන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය මෙන්න

Generic placeholder image

වසර ගණනාවකට පසු සුළි කුණාටුක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර ඒ අනුව හදිසි සුළි කුණාටුක් නිසා ඇති වන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය පිලිබදව යම් අවබෝධයක් ඇති කරගැනීම වැදගත්. අද රාත්‍රී කාලය වන විට මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත බව පැවසෙන අතර හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමට වගබලා ගත යුතු අතරආරක්ෂාව සඳහා ශක්තිමත් […]


Dec
2

චීනයේ වැන්ග් 5 යානය සද මතට සාර්ථකව ගොඩ බස්සයි

Generic placeholder image

චීනයේ වැන්ග් 5 අභ්‍යවකාශ යානය සද පෘෂ්ටය මතට සාර්ථකව ගොඩ බස්සවා ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ලැන්ඩර් යානය මගින් සද මත මීටර් දෙකක් පමණ ගැඹුරින් සිදුරු කල එහි තිබෙන පාෂාණ ලබා ගැනීමට නියමිත බවද සදහන් වෙනවා. මේ සදහා රොබෝ අතක් යොදා ගැනීම සිදු කරන බව පැවසෙන අතර වසර 40 කට පසු මිනිසුන් රහිත සදේ […]


Dec
2

මහර ගැටුමට සම්බන්ධ 125 කට නඩු

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට සම්බන්ධ සහ ඊට නායකත්වය ලබා දුන් රැදවියන් 125 දෙනකු හට නඩු පැවරීමට කටයුතු කරන බව පාලන අධිකාරිය සදහන් කරනවා. අදාල සිද්ධියෙන් රැදවියන් 106 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කල අතර රැදවියන් 11 දෙනකු මිය ගොස් තිබෙනවා.


Dec
2

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

Generic placeholder image

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව කොළොන්නාව තැපැල් කාර්යාලය ඇතුළු අවට තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post