“බුරවි” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව අද රාත්‍රී කාලය තුල හෝ හෙට උදැසන කාලයේ මෙම සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වන බවට එරට කාලගුණයෙන් අනාවැකි පල කර තිබෙනවා. මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ඇතුළු දකුණු ඉන්දියානු ජනතාව විශේෂ අවදානයකින් පසු වන ලෙසට දැනුම් දී තිබෙනවා. ධීවර කටයුතු තහනම් […]
මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ නගරාධිපතිවරයාට තිබු චෝදනා පිලිබදව සිදුකළ විමර්ශනයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෙත ලබා දී තිබු අතර එම වාර්තාවට අනුව නගරාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරන විට මහනගර සභා ආඥාපනතේ ඇතැම් වගනතිවල සදහන් වැරදි සිදු කර තිබීම නිසා ඒ අනුව එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු […]
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. අදාල රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ ලංකාවට ඇතුළු වූ බුරලි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි යාපනය ප්‍රදේශයට ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. අද දහවල් කාලය වන විට බුරලි සුළි කුණාටුව මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යන බවට පවසන එම දෙපාර්තුමේන්තුව ඒ තුලින් එම කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහව යන බවට […]
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. මෙලෙස ජලය සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකටයි.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ ගත වූ පැය 24 කාලය තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන සහ ආසාදිතයින් ගණන වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුල එරට කොරෝනා මරණ 2841 ක් වාර්තා වී තිබෙනවා. එපමනක් නොව කොරෝනා ආසාදිතයින් 203427 අලුතින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් ඊයේ දිනය තුල නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ අදාල රැදවියා රෝහලෙන් පළා ගොස් ඇති අතර මේ වන විට එම රැදවියා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය දෙසැම්බර් 02 දින රාත්‍රී 10.30 ත් 11.30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුල් වු අතර සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැක. මෙය […]
තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. අද වාර්තා වූ […]
තවත් කොරෝනා ආසාදිතයින් 528 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් එලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 878ක්.
බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනේ නැගෙනහිර වෙරළට මේ වනවිට ඇතුළු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේෙ, එය දිවයිනෙන් පිටතට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි. මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් […]