මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. බන්ධනාගාරයේ රැඳවියෙකු පළා යාමට තැත් කිරීමේදී මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ අද පස්වරුවේයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ […]
බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව පළමු වස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන් වීමත් සමග ප්‍රථමයෙන් පැවිද්ද ලබා ගත් පස්වග තවුසන් අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පස් දෙනාද වශයෙන් හැට නමක් වු රහත් භික්ෂුන් අමතා “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස දේශණා කරන්න. චරථ […]
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැක. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි […]
රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ,
පනවා තිබෙන අධිකරණ නියෝග පැහැර හරිමින් යාපනය ප්‍රදේශයේ LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අදාල සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළේ.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද […]
අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 107ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ 13, කොළඹ 9, මරදාන, කොළඹ 15, කොළඹ 2, කොළඹ 10, කොළඹ 13 යන ප්‍රදේශවලින් සහ මැගසින් බන්ධනාගාරයෙන් අදාළ මරණ වාර්තා […]
තවත් කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා එම පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 472ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමු වීමත් සමග එහි මූලාශ්‍රය ලෙස හඳුනා ගැනෙන්නේ කොළඹ සහ බස්නාහිර පළාත බව සෞඛ්‍ය අංශ පවසනවා. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බවයි. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදෙකලාකර තිබුණ […]
රට තුළ පවතින තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 30 වැනි සඳුදා දින සිට පසුගිය සතියේ ධාවනය වූ පරිදි එම සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතුකර ඇති බවයි. ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම කාල සටහන […]