හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 5කට අධික කාලයක් සාක්ෂි දීමෙන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අදින් අවසන් වන බවයි වාර්තා වන්නේ.
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 6ක කාලය තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුරු, නැගනෙහිර සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් […]
මහනුවර – දෙල්තොට, පට්ටියගම ප්‍රදේශයේ ඉදි කරමින් තිබූ නිවසක කොටසක් සහ එහි බැම්මක් ඊට පහළින් තිබූ තවත් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවැති අධික වැසි සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ඉදි වෙමින් තිබූ නිවසේ කඩා වැටුණු බැම්මට යටින් ජලය කාන්දු වන බවට හඳුනා ගැනීමත් සමග පහළ නිවසේ පදිංචිකරුවන් ඉන් ඉවත්කර […]
මාර්ග සංවර්ධන අධිකාරී උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාර සහකාර නිලධාරිනියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉන්ජිනේරුවරයා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත්තේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත සැකකරුව මුදා හරින ලෙසයි. පහර කෑමට ලක් වූ නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ […]
රක්ෂිත බන්ධනාගාරගතකර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් මහර බන්ධනාගාරයේ රඳවා සිටි ශානි අබේසේකර මහතාව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවුණා. පසුගිය ජූලි මාසයේදී ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගනු ලැබුවා.
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,447ක් ලෙසයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි. එමෙන්ම අධිකරණය රිෂාඩ් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් […]
පාදුක්ක – හොරණ පාරේ නිවසක් පිටුපස වැටී ජීවිතක්‍ෂයට පත්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් පාදුක්ක පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ජිනදාස නමැති වයස අවුරුදු 72 ක් පමණ පුද්ගලයෙක් වන බවයි කරන ලද අනාවරණයෙන් හෙළිව ඇත්තේ. නිවසේ පිටුපස වැටී මිය ගොස් සිටියදී අදාල පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මේ වන විට පාසල් විවෘත කළ ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සදහා බස් රථ 600 කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.
ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 458 දෙනෙකු හදුනාගත් අතර එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 259ක්. කළුතරින් 78 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ද හදුනා ගැනුණා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූ සමස්ථ අසාදිතයින් ගණන 20,965ක් වන අතර ඉන් රෝගීන් 14,961ක් මේ වන විට සුවය ලබා […]
අද දිනයේ අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්විමට නියම්තයි. අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි හා පෙර පාසල් ආරම්භ කිරීමට නොහැකිව තිබෙනවා. කෙසේ වෙතත් ඉතාමත් කෙටි කලක් තුල පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරනවා.