News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, ඊයේ රාත්‍රී තවත් මරණ 5ක් වාර්තා වීමත් සමගයි. කොළඹ 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 5 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
17

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත් වී ඇති අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්. 2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක […]


Nov
17

තමන්ට විරුද්ධ වූ මාධ්‍යවලට එරෙහිව නව රූපවාහිනි නාලිකාවක් ඇරඹීමට ට්‍රම්ප් සැරසෙයි

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානම් බවයි ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය […]


Nov
17

2021 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ඇරඹෙයි

Generic placeholder image

2021 වසර සඳහා වන අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පස්වරු 1.40ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා.


Nov
17

රංජන් රාමනායකට එරෙහි නඩුවකට දින නියම කෙරේ

Generic placeholder image

අධිකරණයට අපහාස කළේ යැයි රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවීමට දින නියමකර තිබෙනවා. ඒ අනුව එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදායි.


Nov
17

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින්නන්ට නඩු – මාර්ග අවහිර වන සේ වාහන නවතා එවැන්නන්ට මුදල් දෙන රියදුරන්ටත් දඬුවම්

Generic placeholder image

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින පිරිස් සොයා එවැනි පුද්ගලයින්ට විරුද්ධව ඉදිරියේදී නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියයට 95ක පිරිස සැබෑ යාචකයින් නොවන බවත් ඒ හරහා ව්‍යාපාරවල යෙදෙන පිරිස් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. විශේෂයෙන් මාර්ගවල ලාම්පු සංඥා ආසන්නයේ වාහන නවතා එවැනි පුද්ගලයින්ට මුදල් […]


Nov
17

බන්ධනාගාර ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළට

Generic placeholder image

බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බන්ධනාගාර ආශ්‍රයෙන් නව ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි.


Nov
17

පෙම්වතියගේ අසභ්‍ය ඡායාරූප සකසා මුහුණු පොතේ පළ කළ පෙම්වතා රිමාන්ඩ්

Generic placeholder image

තම පෙම්වතියගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරාපොළ, බෝපැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. දෙපාර්ශ්වයේම කැමැත්ත මත එම යුවළ විවාහ වීමට සිට ඇති අතර පෙම්වතිය ඊට අකමැත්ත පළ කිරීම නිසා උරණ වූ පෙම්වතා සිය පෙම්වතියගේ චරිතයට කැළැලක් ඇති වන ආකාරයෙන් සැකසූ අසභ්‍ය ඡායාරූප මෙලෙස මුහුණුපොතට එක්කර […]


Nov
17

2021 අයවැයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

2021 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට පැවැත්වෙන අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වුණා. අද පස්වරුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා පස්වරු 1.40ට පාර්ලිමේන්තුව […]


Nov
17

යළි පාසල් ආරම්භ කරන දිනය ගැන අවසන් තීරණය හෙට

Generic placeholder image

යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කෙරෙන බවයි. එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා […]


Nov
17

පේරාදෙණිය පොලිසියේ නිලධාරියෙක්ටත් කොරෝනා

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පේරාදෙණිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔහුට සිදු කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් එම නිලධාරියාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන ලෙසටත් […]


Nov
17

“ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෑම පළාතකටම පශු රෝහලක්” – රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්

Generic placeholder image

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. මෙරට පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉ‍ටු කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය පශු රෝහල්වල […]


News Articles
Latest Videos
Most Popular Post