නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම මහළු කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ පවුලේ දියණියගේ ස්වාමිපුරුෂයා ට හා ඔහුගේ දියණියට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා පවුලේ අනෙකුත් පිරිස නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඒ අනුව පවුලේ පිරිසක් නිරෝදායන මධ්‍යස්ථාන […]
තවත් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 510ක්.
මෙරට 35 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිට ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇති බව […]
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලවල සේවකයින්ට සහ අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත පිවිසීමටත් ඉන් පිට වීමටත් අවසර හිමි වන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිට වීමට අවසර හිමි වන බවයි.
හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර එම ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ඇතුළු වීම හෝ පිටවීම හෝ ඒ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා […]
අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 283දෙනා සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මේ වනවිට එම පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 72දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් 63දෙනෙක් කාන්තා රැඳවියන් ද, 8 දෙනෙක් පිරිමි රැඳවියන් ද වන අතර සෙසු පුද්ගලයා බන්ධනාගාර සේවකයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 355ක් වනවා.
තවත් නව ආසාදිතයින් 283 දෙනෙකු දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා තාවකාලිකව වසා දැමුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව හෙට සිට යළි විවෘත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. විෂබීජ හරණය කිරීමෙන් පසු සීමිත රාජකාරී කටයුතු කිහිපයක් සඳහා එය විවෘත කෙරෙන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ. ඒ අනුව ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල, දේශීය අධිවේගී කුරියර් […]
බස්නාහිර පළාතට පැමිණෙන සියලුම අධිවේගී මාර්ගවල ඇතුළුවන සහ පිටවන පිවිසුම් හෙට සිට යළි විවෘත බව පොලිසිය නිවේදනය කළා.
හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වෙත ඇතුළු වීම හෝ ඉන් පිටතට ගමන් කිරීම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු වැඩි දුරටත් පැවසුවේ, අදාළ ප්‍රදේශ වෙත පැමිණි හෝ ඉන් පිටවන පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ දඩුවම් පැමිණවිය හැකි බවයි. පොලිස් […]
හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අදාල පුද්ගලයා කොරෝනා අසාදිත රෝගියෙකු බව හදුනාගෙන තිබෙනවා. පිහියෙන් ඇණිමක් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයාට ශල්‍ය කර්මයක් ද සිදුකර තිබෙන අතර පසුව අහඹු ලෙස සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් මේ රෝගියා කොරෝනා ආසාදිත බවතහවුරු වී තිබෙනවා. මේ වන විට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් […]