News Line| Off Air
Generic placeholder image

Oct
15

15 හැවිරිදි සිසුවාට ලිංගික අපයෝජනය කළ බවට 28 හැවිරිදි ගුරුවරියට එරෙහිව චෝදනා

Generic placeholder image

15 හැවිරිදි සිසුවෙකු සමග 28 හැවිරිදි ගුරුවරියක් පැන ගිය පුවතක් වාර්තා වුන අතර මොවුන් දෙදෙනා විශේෂ විමර්ශනකින් අනතුරුව සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ වන විට පොලිසිය විසින් අදාල පැන යාමට සම්බන්ධ සිසුවා විසින් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම් වලදී සදහන් කරන ලද්දේ කාලයක් තිස්සේ අදාල ගුරුවරිය විසින් මෙම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති […]


Oct
15

කොරෝනා ප්‍රතිකාර සදහා අමතර රෝහල් 10ක්

Generic placeholder image

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අමතර රෝහල් 10ක් සූදානම් කර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14ක 2400 ඉක්ම වූ අැදන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට වෙන්කර අැති බවයි. ඊට අමතරව දැඩි සත්කාර එ්කකවල අැදන් 146ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර අැති බව ද ඔහු ප්‍රකාශ කළා. මේ අතර […]


Oct
15

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉතිරිව ඇති තව ඇදන් ගණන 170ක් පමණයි

Generic placeholder image

අද වන විට හමුවන කොරෝනා අසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් ඇදන් ඉතිරිව ඇත්තේ 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා ආසාදිතයින් සදහා සුදානම් කර තිබු ඇදන් 1712 කෙන් 1542ක් කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබනවා.


Oct
15

පානදුරේ අනතුරකින් තිදෙනෙකු රෝහලේ – පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාත් ඒ අතර

Generic placeholder image

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකක් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා පොලිස් ජීප් රථයක ගැටී අනතුරක් සිදුවුණා. ඒ, අදාළ යතුරුපැදිකරුවන් දෙදෙනාට යතුරුපැදිය නවතන ලෙස කළ අණ නොතකා ඔවුන් ස්ථානාධිපතිවරයාව ද අනතුරට ලක්කර පළා යාමට ගත් උත්සාහයේදීයි. යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අධික වේගයෙන් සහ අපරික්‍ෂාකාරී ලෙස ධාවන සංදර්ශනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ […]


Oct
15

රිෂාඩ් අධිකරණයෙන් කළ ඉල්ලීම

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර අැතැයි වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඊයේ මන්ත්‍රීවරයාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන් වූවන්ට ඡන්දය භාවිත කිරිම සදහා පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් […]


Oct
15

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 04ක් හමු වෙයි

Generic placeholder image

රද්දොළුගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී තිබෙනවා. එම පුද්ගලයින් ඇසුරු කල ආශ්‍රිතයින් මේ වන විට හදුනා ගෙන ඔවුන් හට වැඩි දුර සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කර තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයට ඇදිරි නිතිය පැනවීමට කටයුතු නොකලද හැකි තාක් සිය නිවෙස් තුලට වී සිටින ලෙස එම ප්‍රදේශයේ ජිවත් වන ජනතවගෙන් පොලීසිය ඉල්ලා […]


Oct
15

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරදු එකහමාරක දරුවෙක් මිය යයි

Generic placeholder image

හපුතලේ ප්‍රදේශයේ වැල්ලවාය – බෙරගල මාර්ගගේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරදු එකහමාරක දරුවෙක් මිය ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එම ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කර තිබෙන්නේ කාන්තාවක් සහ කුඩා දරුවෙක් වන අතර ඔවුන් දෙදෙනාම මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි අවුරදු එකහමාරක දරුවා මිය ගොස් තිබෙනවා.


Oct
15

ඊයේ දිනයේ පමණක් pcr පරීක්ෂණ 9974ක්

Generic placeholder image

පවතින තත්වය හමුවේ ඊයේ දිනය තුල පමණක් සිදු කරන ලද pcr පරීක්ෂණ ගණන 9974ක් බව කොවිඩ් වැළක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කරනවා. ඒ මෙරට එක් දිනක් තුල සිදු කරන ලද වැඩිම pcr පරීක්ෂණ ගණනයි.


Oct
15

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ PCR කල සියලුදෙනාගෙන් කිසිම ආසදිතයෙක් හමු නොවේ

Generic placeholder image

ඉකුත් දා කොරෝනා ආසාදිතයන් දෙදෙනකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම හේතු කොටගෙන ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා තුලින් ඒ කිසිම පුද්ගලයෙකු මේ වන විට ආසාදිතයෙකු නොවන බවට හදුනා ගෙන තිබෙනවා. පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මෙලෙස PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.


Oct
15

වසංගත තත්ත්වය පාලනයට ජනතා සහය ලැබුණොත් රට වැසීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි

Generic placeholder image

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.


Oct
15

තවමත් කොරෝනා සමාජගත වී නෑ – සෞඛ්‍ය අංශ කියයි

Generic placeholder image

ශ්‍රී ලංකව තුල තවමත් කොරෝනා වසංගතය සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ තවමත් සමාජ ගත වී නොමැති මෙම වසංගතය පාලනය කිරීමට ක්‍රියා කිරීම ජනතාවගේ වගකීම බවයි. එමෙන්ම මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් මේ වන විට කිසිම අසාදිතයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර නොමැති […]


Oct
15

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ කිරීමට පියවර

Generic placeholder image

පවතින තත්වය හමුවේ කොරෝනා අසාදිත බවට හදුනාගැනෙන PCR පරීක්ෂණය සිදු කිරීම සදහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් දක්වා තිබෙන බව ද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post