News Line| Off Air
Generic placeholder image

Oct
15

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ PCR කල සියලුදෙනාගෙන් කිසිම ආසදිතයෙක් හමු නොවේ

Generic placeholder image

ඉකුත් දා කොරෝනා ආසාදිතයන් දෙදෙනකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම හේතු කොටගෙන ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා තුලින් ඒ කිසිම පුද්ගලයෙකු මේ වන විට ආසාදිතයෙකු නොවන බවට හදුනා ගෙන තිබෙනවා. පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මෙලෙස PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.


Oct
15

වසංගත තත්ත්වය පාලනයට ජනතා සහය ලැබුණොත් රට වැසීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි

Generic placeholder image

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.


Oct
15

තවමත් කොරෝනා සමාජගත වී නෑ – සෞඛ්‍ය අංශ කියයි

Generic placeholder image

ශ්‍රී ලංකව තුල තවමත් කොරෝනා වසංගතය සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ තවමත් සමාජ ගත වී නොමැති මෙම වසංගතය පාලනය කිරීමට ක්‍රියා කිරීම ජනතාවගේ වගකීම බවයි. එමෙන්ම මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් මේ වන විට කිසිම අසාදිතයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර නොමැති […]


Oct
15

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ කිරීමට පියවර

Generic placeholder image

පවතින තත්වය හමුවේ කොරෝනා අසාදිත බවට හදුනාගැනෙන PCR පරීක්ෂණය සිදු කිරීම සදහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් දක්වා තිබෙන බව ද සදහන්.


Oct
15

නිරෝධායනය අවසන් කළ සිය දෙනෙකු නිවෙස් වෙත

Generic placeholder image

පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලය අවසන් කළ සිය දෙනෙකු අද උදෑසන නිවෙස් වෙත පිටත්ව ගියා. එමෙන්ම තවත් පුදුගලයින් 154 දෙනෙකු අද දිනය තුළ ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි. මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් අැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය […]


Oct
15

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1721ක් වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ කොරෝනා අාසාධිත පොකුරෙන් ඊයේ දිනය තුළ නව අාසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එ් අනුව එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් වන බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වනවිට 5170 දක්වා ඉහළ ගියා. […]


Oct
15

කටුනායකටත් නිරෝධායන ඇදිරි නීතිය

Generic placeholder image

අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක පොලිස්බල ප්‍රදේශයටත් නිරෝධායන අැදිරි නීතිය පනවා තිබෙනවා. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි. මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන […]


Oct
15

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි – අැතැම් මුහුදු ප්‍රදේශත් රළු වෙයි

Generic placeholder image

අදත් දවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අැතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එ් අනුව බස්නාහිරසහ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් […]


Oct
15

කොරෝනා රෝගීන් ගමන්ගත් බස් රථ කිහිපයක් හදුනා ගනියි

Generic placeholder image

කොරෝනා අාසාදිතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් ගමන්ගත් බස්රථ කිහිපයක් මේ වනවිට හදුනාගෙන අැතැයි ප්‍රාවාහන අමාත්‍යාංශය පවසනවා. එ් අනුව, කොළඹ සිට මැදගම (ND 4890), මාකුඹුර සිට ගාල්ල (ND 2350), අම්බලන්ගොඩ සිට කඩවත (ND 549), කොළඹ සිට යාපනය (6503), අැල්පිටිය සිට කොළඹ (ND 9788) සහ ගාල්ල සිට කඩවත (NF 7515) දක්වා ගමන්ගත් බස් රථ එලෙස හදුනාගත් බස් රථ […]


Oct
14

කොළඹින් කොරෝනා අාසාදිතයින් 160ක්

Generic placeholder image

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැටදෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ එම පුද්ගලයින් ගැවසුණ ස්ථාන මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. මෙම පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක පවතින නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, […]


Oct
14

කොරෝනා බියෙන් හෝමාගම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වැසෙයි

Generic placeholder image

හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි බව කියන කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් එම වෛද්‍ය මධ්‍යස්ථානය මුද්‍රා තබා තිබෙනවා. එහි සේවය කල වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනය ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා ආසාදිත පුද්ගලයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ කරන පුද්ගලයෙක් වන අතර තෙවන pcr පරීක්ෂණයේ වාර්තාවට අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන […]


Oct
14

රිෂාඩ්ගේ අාරක්ෂක නිලධාරියෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රභූවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා තම ප්‍රභූවරයා සැකකරුවෙකු ලෙස නම් කර සිටියදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී […]


News Articles
Latest Videos
Most Popular Post