මහනුවර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවි සැලක ලිෆ්ට් එකක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. 54 , 57 හැවිරිදි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මිය ගොස් තිබෙන අතර ඔවුන් එම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටින අතරවාරයේ මෙම අනතුරට පත්ව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ වන විට පවතින තත්වය හමුවේ ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මේ වන විට ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන ලෙසත් රාජ්‍ය සහ පෞදගලික අංශයේ කාර්යාල කොන්දේසි මත එනම් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යාමට […]
නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචිකරුවන් වනවා. නිරෝධායන මධ්‍යස්ථය 395දෙනකු නිරෝධායනය වන අතර ඔවුන්ගෙන් 18 දෙනකු පමණ උණ රෝගී තත්වය නිසා ආඳපාන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා මත මොවුන් දෙදෙනා ද කොරෝනා […]
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රියාද් බදියුදීන් මහතා ගොනු කර අැති රීට් පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. එ් අනුව එම පෙත්සම කැදවනු ලබන්නේ, ෙම් මස 20 වැනිදායි. පෙත්සම අද කැදවනු ලැබුවේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති […]
හොලිවුඩයේ සුපිරි ගායකයෙක් වන කුමාර් සානු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඔහු මේ පිලිබදව තහවුරු කර තිබෙනවා.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝයක් නිකුත් නොකරන ලෙස සහ ඔහු පිලිබදව මුල සිට විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පුද්ගලයින් 12 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. එලෙස පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ පුද්ගලයින් 397 දෙනෙකු අද සිය […]
15 හැවිරිදි සිසුවා සමග පැන ගිය 28 හැවිරිදි ගුරුවරිය එම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ඉදිරිපත් වී තිබෙන අතර එම ගුරුවරිය වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා. ඇප තැබීමෙන් පසු අදාල ගුරුවරිය මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය වැඩි දුරටත් නියෝග […]
පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළව පූගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙනවා. පූගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම්කර අැති බවයි පොලිසිය පැවසුවේ. සොරකමකට අදාළව අත්අඩංගුවට ගත් 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා හදිසියේ අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට අැතුළත් කර තිබූ අතර එහිදී […]
නිරෝධායනය සිදු කිරීම සදහා සුදානම් වන ලෙසට දැන්වීමට පැමිණි හමුදා නිලධාරියෙකුට සිදු වූ අකරතැබ්බයක් ගැන පුවතක් වාර්තා වෙනවා. එනම් අදාල නිලධාරියා විසින් පසු ගියදා කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට පැමිණි විටදී එම කාන්තාව විසින් නිවසේ සිටි සුනඛයා ලිහා අදාල නිලධාරියව සපා කෑමට සලස්වා අනතුරක් සිදු කිරීමට තැත් […]
කොළඹ නගරයේ කොරෝනා අසාදිත බවට සැකපිට 275 දෙනෙකු පීසීආර් පරික්ෂණවලට ඊයේ ලක් කෙරුණු අතර එම වාර්තා අද දිනයේ නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා. අදාල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත්තේ කොළඹ මැනිං වෙළඳපොළේ හා බස් නැවතුම්පොළේ 100 දෙනෙක්ද, යූනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරණයක හා ඒ අවට ප්‍රදේශයේ 100 දෙනෙක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරනගෙන තිබෙනවා. ඒ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ – 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදීයි. ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රිෂාඩ් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් එම ප්‍රකාශය ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මේ අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ […]