News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
15

බන්ධනාගාර රැදවියන්ට ඥාතීන් ඇමතීමට නොමිලේ දුරකතන පහසුකම්

1203 Views


බන්ධනාගාර රැදවියන්ට ඥාතීන් ඇමතීමට නොමිලේ දුරකතන පහසුකම්

බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට රැදවියන්ට සිය ඥාතීන්ට නොමිලේ ඇමතුම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම රැදවියන්ගේ අාහාර පාන සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් ද සැළකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත ඇමතිවරිය උපදෙස් දී තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැදවියන්ගේ ඥාතීන්ට ඔවුන් හමුවීමට හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට අවකාශයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙස මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී අැති බවයි වාර්තා වන්නේ.
 


News Articles
Latest Videos
Most Popular Post