මංතීරු නිතිය දිනය සිට ක්‍රියාත්මක වූ අතර කෙසේ නමුත් හෙට සිට එහි යම් වෙනසක් සිදු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා. එනම් බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම හෙට සිට යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ යුතු බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ආපදාවට පත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද නීතිපතිවරයාට භාරදීමට නියමිතව ඇත. අදාළ නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා සදහන් කළේය. එහි සංක්ෂිප්ත වාර්තාවක් නව හිමි සමාගම වෙත කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන […]
මෝටර් රථ මොඩිෆයි කිරීමට අදාල ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කරනවා. මේ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස් නොමැතිව සෙසු අමතර කොටස් අලංකරණ කිරීම සදහා යොදා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස 29 000 000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 926 307 ක් වන අතර මේ වන විට ලොව පුරා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 19 709 336 ක් වනවා.
දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතරඇතැම් ස්ථානවලට මි.මී. 50 – 60 අතර තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ ,දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් […]
ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලිය තරඟ තුනකින් සමන්විතයි. ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වන අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සතියක කාලයක් නිරෝධායන විය යුතුව තිබෙනවා.
ලෝක දේශපාලනය හැම මොහොතකම පාහේ උණුසුම් වාතාවරණයක් හට ගැනෙන අතර ලෝක බලවතුන් ලෙස සැලකෙන ඇමෙරිකාව සහ චීනයේ මේ වන විට හටගෙන ඇති මත ගැටුම් වඩාත් උස්සන තත්වයක් පෙන්නුම් කරනවා. ඊට ආසන්නම හේතුව වුයේ චීනයේ සිටින ජ්‍යෙෂ්ඨ අමෙරිකානු තානාපති නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව චීන රජය නිවේදනය කර තිබීමත් සමගයි. කෙසේ වෙතත් අදාළ සම්බාධකය කුමක් ද […]
ඉන්දීය සුපිරි නළු සුෂාන්ත් සිං රාජ්පුත් මිය ගොස් අදට මාස 03 ක් ගත වන අතර ඔහුගේ තෙමස් පුර්ණය සිහි ගන්වමින් ශ්‍රී ලංකික රසිකාවියක් ඇයගේ පවුලේ පිරිස සමග සාංඝික දානයක් සංවිධානය කර තිබුණ පුවතක් වාර්තා වුණා.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය අවසන් වී තිබෙන අතර කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටි බව වාර්තා වෙනවා.
අකුණු අනතුරු අපට මතක් වන්නේ තද වැසි ඇති විටක එනම් ගිගුරුම් සහිත වැසි වහිනකොටයි. නමුත් අකුණු පිලිබදව ඔබ සාමාන්‍යයෙන් දැනගත යුතු කරුණු ගණනවක් තියෙනවා. මේ තුලින් ඔබට අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා යම් දැනුමක් ලබා ගත හැකිය. මේ සටහන අකුණු පිලිබදවයි. සරලව ගත්තොත් අකුණක් කියන්නේ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. මෙය ඒක හුළඟින් ඇතිවන […]
ඉකුත්දා කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න දියේ ගිලෙමින් සිටි තරුණියක් දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන පිරිසකට එරහිව දඩ මුදලක් පැනවීමට කටුගස්තොට පොලිසිය පියවර ගෙන තිබෙනවා. පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති එම තරුණිය එහිදී මරණයට පත්ව ඇති අතර වාහන වල සිටි රියදුරන්ද සිය වාහන නවතා මෙම දර්ශන […]