News Line| Off Air
Generic placeholder image

Sep
10

මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

රාජ්‍ය ආයතනවල බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.


Sep
10

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3147ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(09) දිනයේ තවත් ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 3147 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ. එම ආසාදිතයන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.


Sep
10

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමට මෙරටින් දැනුම්දීමක්

Generic placeholder image

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේය. ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිම සඳහා සමුද්‍රීය […]


Sep
10

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Generic placeholder image

අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර සබරගමුව පළාතෙත් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය […]


Sep
9

මිනිසා සහ කාලය විසින් ලොව විශාලතම ජීවියා ඝාතනය කරයි

Generic placeholder image

ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ පිලිබදව අද නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලබනවා. දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග […]


Sep
9

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක්

Generic placeholder image

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව “කේබල් කාර්“ ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමු ව තිබේ. මෙම “කේබල් කාර්“ ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව […]


Sep
9

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3140ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා රෝගීන් ගණන 3140 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 2935ක් බව සෞඛ්‍ය අංශ පවසයි.


Sep
9

වැසි තත්ත්වය තවදුරටත්

Generic placeholder image

අද(09) දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. එසේම ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව […]


Sep
8

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Generic placeholder image

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ(07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර […]


Sep
8

ඩයමන්ඩ් නැවත ගිනි ගනී (PHOTO)

Generic placeholder image

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක් වූ ‘එම්.ටී.නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවෙහි ඊයේ (7) පස්වරුවේ දෙවන වරටත් නැවතත් ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. නෞකාවේ ගිනි පුපුරු,, අභ්‍යන්තර උෂ්ණත්වය හා එම ප්‍රදේශයේ පවතින තද සුළග හේතුවෙන් යළිත් මෙම ගින්න ඇති වන්නට ඇති බවයි ඔවුන් සැක පළ කරන්නේ. මේ අනුව […]


Sep
8

සුෂාන්ත් සිං ආදරයෙන් ඇති දැඩි කල සුනඛයින් තිදෙනාට නව අයිතිකරුවෙක්

Generic placeholder image

දිවි නසාගත් බව පැවසෙන ඉන්දීය සුපිරි නළුවෙක් වන සුෂාන්ත් සිං රාජ්පුත් ආදරයෙන් ඇතිදැඩි කළ සුනඛයින් තිදෙනෙක් පිලිබදව විදෙස් වාර්තා සදහන් කරනවා. ඔහුගේ මරණයෙන් පසුව මෙම සුරතලුන් තිදෙනාගේ අයිතිය රැකබලා ගැනීම පිලිබදව යම් ගැටළුවක් ඇතිව තිබෙන බව පැවසෙන අතර සුෂාන්ත් සිං රාජ්පුත් මිය යාමට දිනකට පෙර ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා […]


Sep
8

මෙවන් ආත්ම විශ්වාසයක් ඔබටත් තිබේද ?

Generic placeholder image

ආත්ම විශ්වාසය යනු තමන් ගැන තමන්ට ඇති බලාපොරොත්තුව නැතිනම් විශ්වාසය..මේ දේ අපි හැමෝටම තියෙනවාද කියන එක අපි අපේ හිතින්ම අහන්න ඕන දෙයක්.. ඕනෑම දෙයක් නිවැරදිව සිදු කර ගැනීමට අවශ්‍ය වන පළමු දේ තමයි මේ ආත්ම විශ්වාසය කියන්නේ.. ඒ දේ නැතුව කිසිම වැඩක් සාර්ථකව කර ගැනීමට අපට නොහැකි වෙනවා..මේ ලෝකයේ කවුරුන් අප ගැන විශ්වාස කලද නොකලද […]


News Articles
Latest Videos
Most Popular Post