අද සවස් වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අතර හමුවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් මෙම හමුව සදහා කොළඹට කැඳවා තිබෙනවා. මෙම හමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකිර්ණයේදිය
BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි. පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු වන අසාම් අමීන් දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කරගනිමින් මෙලෙස […]
ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබෙන බව වාර්තා වෙනවා.
අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව විශේෂයෙන්ම නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌවසහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව එම යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන […]
ලොව දුගීම පුද්ගලයින් හාරසිය හැට කෝටියක් භාවිත කරන මුදල්වලට වැඩි මුදල් ප්‍රමාණයක් ලොව ධනවත්ම පුද්ගලයින් 2153 දෙනා පසුගිය වසරේදී භාවිත කර ඇතැයි ජාත්‍යන්තර සහන සංවිධානයක් සදහන් කර තිබෙනවා. ලොව කාන්තාවන් හා තරුණියන් වැටුප් නොමැතිව සපයන සේවා කාලසීමාවේ වාර්ෂික මුල්‍යමය වටිනාකම ලොව තාක්ෂණික කර්මාන්ත ආදායම මෙන් තුන් ගුණයක් බව ඔවුන් නිකත් කළ වාර්තාවක දැක්වෙනවා. ලොව පුරා […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 358 ක අභියෝගයක් ලබා දුන්නා. මේ වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 01 ක් දැවී ලකුණු 42 ක් ලබාගෙන තිබෙනවා. කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මේ වන විට ලබාගෙන […]
අවසන් වරට සහභාගි වූ ඉන්දීය තරගාවලිය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ ආකාරය පිලිබද සියත අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක දසුන් ශානක අදහස් පළ කළා. කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ඕනෑම වේලාවක ඔහු සූදානම් බවත් ඔහුගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මීට වඩා දෙයක් ලබාගැනීමට හැකි බවත් දසුන් ශානක එහිදී අදහස් දක්වමින් කියා සිටියා.
ප‍්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම […]
මහරගම, විජේරාම, ගල්හේන යන මාර්ග කිහිපයක කසළ එක්රැස් කිරීමේ කටයුතු දින කිහිපයක සිට සිදු වී නොමැති බව වාර්තා වනවා. මෙම ප‍්‍රදේශ වල කසල එක්රැස් කිරීමේ කටයුතු මහරගම නගරසභාව විසින් සිදුකරන අතර පසුගිය දිනයන් තුළ එය සිදු නොවීම හේතුවෙන් මිනිසුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ පිලිබද මහරගම නගරසභාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කසළ එක්රැස් කරන […]
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් බව අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇති අතර අධිකරණ තීරණය සමාලෝචනය කොට ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය […]