News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

ටයිටන් සබ්මැරීනයේ ගිය සුලෙයිමාන් ගැන, මවගෙන් විශේෂ අනාවරණයක්

Generic placeholder image

ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් විනාශයට පත්වූ සබ්මැරීනයේ සිටි 19 හැවිරිදි සුලෙයිමාන් ඩාවුඩ් තරුණයාගේ මව එම සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් පළකර තිබෙනවා. ඇය පවසා තිබුණේ සිය ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ටයිටැනික් නැරඹීමේ චාරිකාවක නිරත වීමට සැලසුම්කර තිබුණේ මීට පෙර බවයි. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගමන කල් ගිය බවයි ඇය මාධ්‍ය වෙත අනාවරණය […]


Jun
26

අද මි.මි.75 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි […]


Jun
22

ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක්

Generic placeholder image

ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නගරයේ ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Jun
22

පාකිස්තානයෙන් ආ හෙරොයින් තොගය

Generic placeholder image

පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබෙනවා. අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.


Jun
21

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බැලීමට ගොස් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

Generic placeholder image

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ සබ්මැරීනය සහ සංචාරකයින් සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා […]


Jun
21

සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

Generic placeholder image

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ වුණා. ඒ අනුව ප්‍රථම ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අලුයම 4 ටයි. එයාර් සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි – 262 දරණ මෙම ගුවන් යානයේ මගීන් 110 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකුද සිට ඇති බවයි වාර්තා […]


Jun
13

එළොව ගිහින් මෙළොව ආපු ආච්චි

Generic placeholder image

76 හැවිරිදි බෙලා මොන්ටෝයා නම් කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබෙනවා. ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ […]


Jun
13

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද

Generic placeholder image

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වූ පසු රහස්‍ය ලේඛන සන්තකයේ තබාගැනීම නිසා ඔහුට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනුකර තිබෙනවා. ඒ අනුව සිය පෞද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණි ඔහු අද අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතයි. එසේම ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වනවා. මේ වන විට මියාමි නගරයේ […]


Jun
9

නිරිත දිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයි

Generic placeholder image

නිරිත දිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහකොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ […]


Jun
8

කැනඩාවේ ලැව්ගිනි – උතුරු අමෙරිකාවටත් බලපෑම්

Generic placeholder image

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරය නිසා එරට ජනතාවට මුහුණු ආවරණ පළදින ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම ලැව්ගිනි සමඟ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 15,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසනවා. ලැව් ගිනි 150ක් කැනඩාව පුරා පැතිරෙමින් තිබෙනවා. කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයකට […]


Jun
7

ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා

Generic placeholder image

ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් වැඩි කාලයක් මුඛ ආවරණ පැළදගෙන සිටියේ. එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේශිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට සිනහ වීමේ පාඨමාලා සඳහා ඉල්ලුම සිව් […]


Jun
7

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

Generic placeholder image

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අද (07) දිනට යෙදී ඇති බව වාර්තා වේ. “ආහාර ප්‍රමිතීන්,ජීවිත සුරකී ” යන්න මෙවර එහි තේමාව වේ. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය සෑම වසරකම ජුනි 7 දින සමරනු ලබයි. […]


News Articles
Latest Videos
Most Popular Post