News Line| Off Air| Games
Generic placeholder image

Jan
31

මාර්තු 9 – අද රෑ හෝ හෙට ගැසට්ටුවට

Generic placeholder image

මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර මැතිවරණ කොමිසම හා රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණය සහ රාජ්‍ය දේපල අවභාවිත වීම වැලැක්වීම ගැන දැනුවත් කිරීම සඳහායි.


Jan
31

බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතී. එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකා […]


Jan
30

අද මි.මී. 150 ඉක්මවූ ඉතා තද වැසි

Generic placeholder image

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතී. එහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) සවස්කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 150 […]


Jan
25

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයේ 124ක් මරුට

Generic placeholder image

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.


Jan
25

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

Generic placeholder image

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙනවා.


Jan
23

කළු සතිය අද සිට

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට දිවයින පුරා කළු විරෝධතා සතියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින්. ඒ අනුව මහජන පෙත්සමක් අත්සන් කිරීම ද අද සිදු කෙරුණා.


Jan
19

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි. මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.


Jan
19

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබෙනවා. අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.


Jan
18

අදත් වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපා‍ර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එහි […]


Jan
18

සියත කතුවැකිය

Generic placeholder image

පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, සමාජය දැඩි ඛේදනීය තත්ත්වයක වැටුප් ගෙවන්න සල්ලිත් නෑ – නව බදවාගැනීම් අඩුවකුත් නෑ කෝටි 5000ම බෙහෙත් ගෙනාපු ණයමද? චීනය දලෙයි ලාමාගේ දොර වසයි? යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.


Jan
17

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන තීරණයක්

Generic placeholder image

රාජ්‍ය සේවක මාසික වැටුප් ගෙවීමේ වෙනසක්.


Jan
17

සියත කතුවැකිය

Generic placeholder image

පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, දවසේ කාටූන් විග්‍රහය සමස්ථ ආර්ථික ගැටලුවලට විසදුම? මේක දැන් අපරාධ ලෝකයක් වෙලා සිරින්ජර් එහෙම නම් බෙහෙත් කොහොම ඇතිද? ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුයි – වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post